*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට එන ප්‍රති ත්‍රස්ත පනත ගැන

ශ්‍රීලංකා රාජ්‍යයට ජාත්‍යන්තරයෙන් එල්ලවෙන බලපැම් මත මෙතෙක් පැවති ආන්ඩු විසින්  පවත්වාගෙන ගිය “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” නමින් හැඳින්වුනු මර්ධන පනත අහොසිකිරීමට වර්තමාන ආන්ඩුව මේ මොහොතේ  සැරසෙමින් සිටින බව පෙනෙන්නට තිබේ.

විශේෂයෙන්ම වත්මන් ආර්ථික අර්බූදයෙන් ගොඩ යෑමට නම් බටහිර සහය අනිවාර්ය සාධකයක්ව පවතින සන්ධර්බයක් තුල
අන් අවස්තාවලදී මෙන් ආන්ඩුවට බටහිර ප්‍රජාවට කන් නොදී සිටීමට නොහැකි තත්වයක් නිර්මාණය වී තිබීම මෙහි වෛශයික පසුබිමයි.

නමුත් ආන්ඩුව නැවතත් අහෝසිකිරීමට යෝජිත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ප්‍රති තස්ත පනත නමින් ඒ හා සමාන අළුත් පනතක් නිර්මාණය කර ගැනීමට උත්සාහ දරනු පෙනේ.

මෙහිදී රට තුල ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක නොවන මොහොතක නැවතත් එවන් පනතක් අවශ්‍ය වන්නේ කුමටදැයි යන ගැඨළුව අප හමුවේ පවතී. ඒ අනුව ආන්ඩුව මේ මොහොතේ ගෙන එන කුමණ වර්ගයේ  මර්ධන පනතකට හෝ අප කොන්දේසි විරහිතව විරෝධය පලකල යුතු බව මුලින්ම සඳහන් කිරීමට කැමැත්තමි.

ත්‍රස්තවාදය වැලක්වීමේ පනත, වගකීමෙන් ආරක්ෂාකිරීමේ පනත වැනි පනත් පැමිනෙන්නේ යුද්ධයකදී හෝ කැරැල්ලකදී ප්‍රතිවාදින් සමූළගාතනය කිරීමෙන් පසුව එන ජයග්‍රහයකයාගේ නීතිය ලෙසය. පනතේ අරමුණ ප්‍රතිවාදී පාර්ශවයේ ඉතිරි බිතිරි උන අයවළුන්ට දඬුවම් පැමිනවීමය, මෙහිදී 71, “අපරාධ යුක්ති කොමිෂන් සබාව” අයත්වන්නේද ඒ ගනයටමය.

විශේෂයෙන්ම මෙහිදී උතුරේ ඇතිවූ තත්වය සැලකිල්ලට ගන්නේ නම් හමුදාව යොදවා මිනිස් ඝාතන මතින් මර්ධනය කැඳවීම මොනම පනතකටවත් අනුකූල නොවන්නකි. උතුරේදී පමණක් නොව 88-89 වකවානුව තුල පවා සැකපිට අල්ලා ගත් තරුණයින් ටයර් සෑයවල්වල පනපිටින් පුළුස්සා දැමීම සඳහා මොනම පනතකින් හෝ ප්‍රතිපාදන සලසා නොමැත. ඒ අනුව මෙවැනි අණපනත් යනු සටනේ ජයග්‍රහයකයාගේ නීතිය ලෙසින් එන පසු මර්ධනයක් බව යලිත් සඳහන් කිරීමට කැමැත්තෙමි.

එසේම මේ නව පනතට ජනප්‍රියවාදී ලෙස එරෙහිවන වාම බලවේග වල මෙතෙක් පැවති “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” සම්බන්ද ඔවුන්ගේ අවස්තාවාදී  හැසිරීමද මෙහිදී ගෙනහැර දැක්වීමට මා කැමැත්තෙමි.
මේ මොහොතේ ඔවුන් මේ පනතට එරෙහිවන්නේද මේ පනතින් ඔවුන්ගේ වෘතීය සමිති ක්‍රියාකාරීත්වයට සිදුවන සරළ හානිය ගැන ගනනය කිරීමෙනි. 

එසේම මෙහි අනිත් කන්ඩායම (පෙරටුගාමීන්) මේ පනතට විරෝධය දක්වන්නේ ඔවුන්ගේ උත්ඝෝසන චක්‍රයට එය අහිතකර ලෙස බලපානු ඇතැයි යන අනුමානය නිසාය.

එමෙන්ම  ඉතිහාසයේ එක මොහොතක මේ කන්ඩායම් දෙකම එකට සිටි කාලයේදී මොනම පනතකටවත් අනුකූල නොවන පරිදි උතුරට බර අවි වලින් පහර දෙන ලෙස රජයට බලකලා අපට මතකය.

මේ තත්වය තුල මේ පනතට පිටතින්ද, පනත හරහාද බැට කෑවේ උතුරේ ආන්තික ප්‍රජාව පමණක් බව සඳහන් කිරීමට මෙහිදී මම කැමැත්තෙමි. දකුණේ වාම රැඩිකල් බලවේග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උතුරට එරෙහිව බලපැවැත්වෙන විට නිශ්ශබ්දව සිටියා පමනක් නොව ප්‍රසිද්දියේ එයට අනුමැතියද දුන් අතර එය සුළු වශයෙන් තමන්ට බලපාන තත්වයක් ඇතිවූ විට පමණක් ඔවුන් එයට එරෙහි විය.
විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දකුණේ දේශපාලන ව්‍යාපාරවලට එරෙහිව ක්‍රියාත්මක උනේ මෑතකදී මුදලිගේගෙ සහ ඊට පෙර කුමාර් ගුණරත්නම් මාස කීපයක් රඳවාතබාගැනීමට අදාල සිද්දියේදී පමණි.

නමුත් මේ පනත දෙමළ  ජනතාවට අත්කර දුන් පීඩාව අති මහත්ය.
එක මොහොතක ලක්ෂමන් කදිරගාමර් ඝාතනය සම්බන්දව සැකපිට අත් අඩංගුවට ගත් සහදේවන් නැමති පුත්ගලයෙකුට වැරදිකරුවෙකු ලෙස දුන් නඩු තීන්දුවක් පවා නොමැතිව ඉතා දීර්ඝ කාලයක් සිරගෙදර තුල රඳවාතබා ගන්නා ලදුව පසුව සිපිරිගෙය තුලම වයෝවෘද්ධව ඔහු මිය ගියේය.
ඔහු කුලී කම්කරුවෙකු ලෙස සේවය කල පුත්ගලයෙකු වූ අතර ඔහුව සැකකිරීමට තිබූ එකම හේතුව වූයේ කදිරගාමර්ගේ ඝාතකයා වූ වෙඩික්කරු සිටි නිවස අසල තිබූ ගසක සිද්දියට මාසෙකට පමන පෙර අත්තක් කපා දැමීමේ සිද්දියක් පමණක් වූ අතර එය වෙඩික්කරුට පහසුකම් සැලසීමක් ලෙස අහඹු ලෙස සළකා ඔහුව අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත. මේ උක්ත පනත නිසා සිදුවූ එක් ඛේදවාචකයක් පමණි.

එසේම මෙකී පනතට අනුව යම් සැකකරුවෙක් පොලිස් අධිකාරීවරයෙක් ඉදිරියේ කරන ලද පාපොච්චාරනයක් ඔහුටම එරෙහි ප්‍රබල ශාක්ෂියක් ලෙස අධිකරණයක් හමුවේ පිළිගැනේ.
නමුත් මෙහි ඇති ගැඨළුව නම් ශීලංකා පොලීසිය මිනිසුන්ගෙන් කට උත්තර ගන්නා ආකාරයේ ඇති නරුම ක්‍රමවේදයයි.
කිසිදු අපරාධයකට සම්බන්ද නොවූ මිනිසුන් වඳ බන්ධන වලින් බේරීම සඳහා පොලීසිය තුලදී නොකල වැරදි බාරගන්නා අපකීර්තිමත් ඉතිහාසය ගැන අපි දනිමු.
එබැවින් මෙකී පනත හරහා වැරදි කරුවන් බවට පත්වූ අයට සාමාන්‍ය නීතියේ මුක්තිය ලැබුනේ නැති අතර ඉතා විශාල දෙමළ සැකකරුවන් පිරිසකට මේ පනත නිසා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීමට සිදුවිය.

මට මතක විදියට එකල යුධ හමුදාවේ සිටි රණශූර ඉහල නිලධාරියෙක් තමන්ට සිංහල කොල්ලන් ඝාතනය කරන්ට බැරිබව සඳහන් කරමින් 88-89 දකුණේ හමුදා මෙහෙයුම් බාරගැනීම ප්‍රතිකේෂ්ප කල අතර ඔහු උතුරේ හමුදා මෙහෙයුම් සතුටින් බාරගත්තේය.
ඒ අනුව ඒ ඉහල නිලධාරීයා තුලද 83 දී දෙමළ මිනිසුන් නිවෙස් තුලට දමා ගිනි තැබූ සිංහල ජාතිවාදියා ජීවත්ව සිට ඇත.

මේ තත්වය තුල දකුණේ සියළු දේශපාලන දහරාවන් තුලද, පොලීසිය වැනි නීතිය ක්‍රියාත්මක කරන ආයාතන තුලද දෙමළ ජනයා සම්බන්දව තිබූ පොදු ආකල්පය පැහැදිලිවන අතර පෙර කී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හරහා සිදුවී ඇත්තේද අස්පයන්ට අං දුන්නා වැනි වැඩකි…

මේ පසුබිම තුල ලංකාවේ මොන පනත ක්‍රියාත්මක කලත් එය ක්‍රියාත්මක වන්නේ සුළු ජනවර්ග වලට බැටේ වදින අයුරින්ය.
විශේෂයෙන්ම මෙහිදී I.C.C.P.R. පනත ගෙන ආවේ සුළුජනවර්ග පීඩාවට ලක්වන විට එය වලක්වාගැනීමේ ජාත්‍යන්තර ප්‍රඥ්ඥප්තියක් ලෙසය. නමුත් එය අදටත් ක්‍රියාත්මක වන්නේ මහා ජාතියේ ආධිපත්‍ය පතුරුවන මේවලමක් ලෙසින්ය.

අනෙක් පැත්තෙන් උතුරේ හා දකුණේ කැරළි යනු කාලයක් තිස්සේ වර්ධනය වූ අනේකවිධ සමාජ ආර්ථික පීඩාවන්ගේ එක් ප්‍රචන්ඩ ප්‍රතිචාරයකි. ඇත්තෙන්ම මෙය එක්තරා ඓතිහාසික තත්වයකි.
එහිදී මේ යුද්ධය හෝ කැරැල්ල අවසන්වු පසුද අර්බූදයේ වග උත්තර කරුවන් ලෙස කේවල චරිත කීපයක් දිවි ඇති තුරා සිරකරගෙන සිටීමේ ඇති සාධාරණ පදනම කුමක්ද…
?

එවන් යුධමය තත්වයක් අවසන් වීමෙන් පසු කල යුත්තේ ජයග්‍රාහකයාගේ නීතිය ක්‍රියාත්මක කිරීම හරහා විනාශ උන පාර්ශවයේ තුවාල තවතවත් පෑරීම නොවේ. කල යුත්තේ එකී ප්‍රචන්ඩත්වයන් නිර්මාණය වීමට බලපෑ අසහනයේ ඉතිහාසය තත්වයන් විශ්ලේෂණය කර එය සංසිදුවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට යෑමය.
එසේ නොකොට ගැටුමෙන් විනාශයට ඇද වැටුන ප්‍රජාව නීතිය හරහා හෝ ඊට පිටින් බලය යොදා හෝ නැවත නැවතත් පීඩාවට පත්කිරීම තුල සිදුවන්නේ පැරණි ගැඨළුවේ අක් මුල් තවතවත් ගැඹුරට ඇදී යාම පමණි.

කෙසේ හෝ නව පනත සම්බන්දවද අවසාන වශයෙන් පැවසිය යුත්තේ රට යම් ප්‍රමාණයකට හෝ ප්‍රජාතන්ත්‍රවාදී දිසාවකට දිශාගත කලයුතු මොහොතක් පැමින ඇති මෙවන් අවස්තාවක සහ දියුණු ලෝකය ඒ ගැන විමසිල්ලෙන් සිටින මොහොතක මොනයම් හෝ මර්ධනයේ අණපනතක් සම්මත කරගැනීම රටට යහපත් ප්‍රතිපලයක් අත්කර දෙන්නේ නැත. එසේම මේ මොන පනතේත් අවසාන වින්දිතයින් වන සුළුජනවර්ගවල හිස් මතටම මේ පනත ද ඇදවැටීමේ සම්බාවිතාවක් ද පවතින බවත් අවසාන වශයෙන් සඳහන් කල හැකිය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan