භාණ්ඩ කිහිපයක මිල අඩුවේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සහන ලබාදීමේ අරමුණින් , ලංකා සතොස ආයතනය මගින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ.

ඒ අනුව පසුගිය සතියේ මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ 12ට අමරතව තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 03ක මිල ගණන් මෙලෙස පහළ දමා තිබේ.

හෙට (07) දිනයේ සිට දිවයින පුරා සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම මිල සහනය ලබාගත හැකිය.

ඒ අනුව ටින් මාළු (425g) නව මිල රුපියල් 490ක් වන අතර එහි ඉතිරිය රුපියල් 30කි.

ලොකු ලූනු 1kg ක නව මිල රුපියල් 97ක් වන අතර එහි ඉතිරිය රුපියල් 22කි.

පාන් පිටි 1kg ක නව මිල රුපියල් 225ක් වන අතර එහි ඉතිරිය රුපියල් 10කි.

මීට අමතරව ලංකා සතොස ජනතාවට දැනුම්දෙන්නේ, අත්‍යවශ්‍ය ග්‍රොසරි භාණ්ඩ 500කට අධික ප්‍රමාණයක් සඳහා සුවිශේෂී මිල අඩුකිරීම් සහ වට්ටම් ලබාදීමට කටයුතු සලසා ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...