මම JVP නෙවෙයි NPP. JVP මතයයි මගේ මතයයි අතර වෙනස්කම් තියෙනවා. ඒක NPP අපට අවශ්‍යයයි – හරිනි

Date:

තමන් මාක්ස් ලෙනින්වාදියෙකු නොවන අතර තමන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අයෙකු නොවන බවත් ජවිපෙ සහ තමන් අතර මතවාදී වෙනස්කම් පවතින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූ‍රිය මහත්මිය පවසයි.

ප්‍රශ්නය – ඔබ එන්පීපී ද, ජේවීපී ද ?

“මම එන්පීපී”

ප්‍රශ්නය – මොකක්ද එන්පීපී – ජේවීපී බෙදුම් රේඛාව ?

“මෙහෙමයි, ජේවීපී එක කියන්නෙ දේශපාලන පක්ෂයක්. ඒ දේශපාලන පක්ෂයට ඇතුළු වෙන ක්‍රමයක් තියෙනවානෙ. පන්ති පහ කරලා, කඳවුරු ගිහිල්ලා … එහෙම තියෙනවානෙ. ඊටපස්සෙ කාඩර් කෙනෙක් වෙන්න පුළුවන්, පාට් ටයිම්, ෆුල් ටයිම්, එහෙම තියෙනවානෙ මොනවාහරි පාත් එකක්. මම එහෙම නෑ. එන්පීපී කියන්නෙ අපි එතකොට ජේවීපී ඇතුළුව එකතුවුණු කණ්ඩායම්, පුද්ගලයින් කීපදෙනෙක් නෙ. එතකොට අපි සියලු දෙනාම ජවිපෙ එක්ක සම්බන්ධයක් නෑ කියන එක නෙවෙයි. අපි ඒගොල්ලොත් එක්ක වැඩ. මමත් මේකට එන්නෙ මුලින් ජේවීපී එක හරහා නෙ. හැබැයි මම කාඩර් කෙනෙක් නෙවෙයි. මම ජේවීපී එකේ සංවිධාන ව්‍යුහය තුළ නෑ. මම එන්පීපී එක නියෝජනය කරන්නෙ. මම ඇත්තටම එන්පීපී එකට ඇතුළු වෙන්නෙ සංවිධාන දෙකක් හරහා. එකක් ඔය ජාතික විද්වත් සංවිධානය කියන එක. අනිත් එක ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව හරහා. ඒ දෙක නියෝජනය කරමින් තමා මම එන්පීපී එකේ ඉන්නෙ”

ප්‍රශ්නය – හරිනි අමරසූරිය කියන කෙනා තවදුරටත් ඇයි ජවිපෙට නොගිහින් ඉන්නෙ කියලා මම ඇහුවොත් ?

“ඒක හොඳ ප්‍රශ්නයක්. මෙහෙමයි. එකක් මං හිතන්නෙ දේශපාලනික හේතුවකුත් තියෙනවා. දේශපාලනික හේතුවක් කියන්නෙ මේ අර්ථයෙන්. අපි එන්පීපී එක හැදුවෙම මේ රට වෙනස් කරන්න සියලු දෙනාම ජේවීපී වෙන්න ඕනෙ නෑ කියන තර්කයත් එක්කනෙ. රයිට් ? එතකොට එහෙම නම් මම එහෙම වියයුතු නෑ. ඒක එකක්. සහ මතවාදීවත් යම් වෙනස්කමක් තියෙනවා. ඒ කියන්නෙ මම හිතන්නෙ මම මාක්ස්සිස්ට් ලෙනින්වාදියෙක් කියලා මාව හඳුනාගන්න බෑ. මම ප්‍රගතිශීලීයි, මම වාමාංශිකයි, මාක්ස් කියවලා තියෙනවා, ලෙනින් මං එච්චර කියවලා නෑ, එංගල්ස් මම කියවනවා, මම වාමාංශික සාහිත්‍ය කියවන එක්කෙනෙක්, නමුත් මම මාක්ස්සිස්ට් ලෙනින්වාදියෙක් නෙවෙයි. එතකොට මගේ වෙනසකුත් තියෙනවානෙ. එතකොට සමහර දේවල්, සමහර ඉෂූස් පිළිබඳව ජවිපෙ මතයයි මගේ මතයයි අතර වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ වෙනස මං හිතන්නෙ අවශ්‍යයයි. එන්පීපී එකට අවශ්‍යයයි”

ප්‍රශ්නය – ජවිපෙත් කාලයක් තිස්සෙ කියකියා ඉන්නෙ විවිධ මතධාරීන් ඇතුළට ගන්න ඕනෙ කියන එකනෙ. ඔබ ඒ කුලකයේ එතකොට ?

“ඔව්. අපි පොදුවේ එකඟ වෙන තැන් තියෙනවා. අපි සියුම් වෙනස්කමුත් නැතුවා නෙවෙයි, තියෙනවා”

ප්‍රශ්නය – ඒවා කතාබහ කරලා ලිහා ගන්නවා ?

“ඒවා කතාබහ කරලා ලිහාගන්න ඕනෙ. ඒකයිනෙ, අපෙ එක රැස්වීමක්වත් පැයෙන් ඉවර වෙන රැස්වීම් නෑ”

ප්‍රශ්නය – මතවාදීමය වෙනස්කම් කිව්වාම මට වෙන අය වගේ කුණු ගොඩවල් අදින්න වුවමනාවක් නෑ. මම කියන්නෙ මේක තමයි ඇත්ත දේශපාලනය නේද ?

“මේක තමයි ඇත්ත දේශපාලනය”

ප්‍රශ්නය – කවුරුහරි කියනවා නම් පක්ෂයක් ඇතුළෙ ඒකමතිකව තීරණ ගන්නවා කියලා, එහෙම වෙන්නෙ නෑ නේද ?

“එහෙම වෙන්නෙ නෑ. අපි වෙනස් නෙ. විශෙෂයෙන්ම ජාතික ජන බලවේගය තුළ ඉන්නවා ගොඩක් වෙනස් අදහස් දරණ අය. පොදු අරමුණක් තියෙනවා සහ අපි සාකච්ඡා කරලා එකඟතාවකට ආවාම අපි ඒක තමා නියෝජනය කරන්නෙ, නමුත් එතෙන්ට එන්න අපෙ සාකච්ඡාවක් තියෙනවා. අපේ වෙනස්කම් තියෙනවා. දැන් ඕක එන නිසා ඔය යූඑන්පී සජබ සෙට් එකක් – ආ ඕක තමයි කියන්නෙ, හරිනි කියන්නෙ ලිබරල්, හරිනි ඕකට ගැලපෙන්නෙ නෑ, හරිනි කියන්නෙ රනිල්ගෙ සංස්කෘතිය නියෝජනය කරන කෙනෙක් වගේ කතාත් හදනවානෙ. ඒක නෙවෙයි මම කියන්නෙ. හරි ? මම ලිබරල් ආර්ථිකයක් කිසිසේත්ම නියෝජනය කරන කෙනෙක් නෙවෙයි. ජාතික ජන බලවේගය හැටියට අපි සියලුම දෙනාගෙ එකඟතාවක් තියෙනවා නවලිබරල් ආර්ථික ක්‍රමයට අපි විරුද්ධයි. අපි වාමාංශික, ප්‍රගතිශීලී. එතන තියෙනවා වෙනසක්. මේ ලිබරල් එක්කෙනෙක් ඉස්සරහට දාලා මොකක්හරි කුමන්ත්‍රණයක් කරන ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි”

හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...