පොලිස්පති දේශබන්දුගෙන් අලුත් වැඩක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , කොළඹ (LNW): මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේදයක් වන eZ Cash සහ M Cash භාවිත කරමින් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් 2024.04.06 දින සිට 2024.04.10 දින දක්වා යුක්ති මෙහෙයුමට සමගාමීව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කර ඇත.

එබැවින් 2024.04.06 දිනය තුළ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී eZ Cash සහ M Cash භාවිතා කරමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් 198 දෙනෙකුගෙන් තොරතුරු ලබාගෙන ඇති බව සඳහන් වේ.

පොලිස් මුලස්ථානය සදහන් කරන්නේ, මොවුන් සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශන වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 18 දෙනෙකු සම්බන්ධයෙන් බැංකු ගිණුම් වාර්තා ඔස්සේද, තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 71 දෙනෙකු සම්බන්ධයෙන් දුරකථන කුළුණු විශ්ලේෂණ වාර්තා ඔස්සේද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...