*
Tuesday, May 27, 2025
spot_img

Latest Posts

‘ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීමෙන් පසු තම දේශසීමාවෙන් පැන යන ඕනෑම අයෙකු මරා දැමීමට ඉන්දියාව පකිස්ථානයට ඇතුළු වන බව’ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකශ කරයි

සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 07,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං චිසින් සිය රටට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කිරීමෙන් පසු තම දේශසීමාවෙන් පැන යන ඕනෑම අයෙකු මරා දැමීමට ඉන්දියාව පකිස්ථානයට ඇතුළු වන බව
සම්මුඛ සාකච්ජාවකදී ප්‍රකාශ කිරීමත් සමඟ, මෙම ප්‍රකාශය පකිස්ථානයේ සමයට බාධා කරන ප්‍රකෝපකාරී ප්‍රකාශක් බව ප්‍රකාශ කරමින් පකිස්ථානය සිය නොසතුට ප්‍රකාශ කර තිබේ.

පසුගියදා ගාඩියන් පුවත්පත විසින් ඉන්දියාව විදේශ භූමියේ වෙසෙන ත්‍රස්තවාදීන් ඉලක්ක කිරීමේ පුලුල් සැලැස්මක කොටසක් ලෙස 2020 සිට පකිස්ථානයේ පුද්ගලයන් 20 දෙනෙකු පමණ ඝාතනය කර ඇති බවට වාර්තාවක් පළ කිරීමෙන් පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ගේ ප්‍රකාශය මතු විය.

ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ‘ඉන්දියාවට සෑම විටම අවශ්‍ය වන්නේ අසල්වැසි රටවල් සමඟ හොඳ සබඳතාවක් පවත්වා ගැනීම බවත්, නමුත් යමෙක් ඉන්දියාවට පැමිණ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන්නේ නම්, අපි ඔවුන්ව ඉතිරි නොකරමු’ යනුවෙනි.

2019 දී කාශ්මීරයේ ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර සබඳතා වඩාත් නරක අතට හැරුණු අතර පාකිස්තානය මේ වසර මුලදී කියා සිටියේ තම භූමියේදී තම පුරවැසියන් දෙදෙනෙකු මරා දැමීම සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සම්බන්ධ බවට විශ්වාසදායක සාක්ෂි තමන් සතුව ඇති බවයි.

කැනඩාව සහ එක්සත් ජනපදය ද පසුගිය වසරේ එම රටවල මිනිසුන් ඝාතනය කිරීම හෝ ඝාතනය කිරීමට උත්සාහ කිරීම පිළිබඳව සාක්ෂි පවතින බවට ඉන්දියාවට චෝදනා කළ අතර මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් ඉන්දියාවට ලැබෙන තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan