ඊයේ (06) දිනයේදී ශ්‍රී ලංකා මහබැංකුව විසින් කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොළී අනුපාතිකවල සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වී තිබේ.
ඒ අනුව දින 90කින් කල්පිරෙන බිල්පත් පොළිය 12.92% සිට 14.12% දක්වා ඉහළ ගොස් ඇති අතර දින 182 බිල්පත් පොළිය 12.25% සිට 15.36% දක්වා ඉහළ ගොස් තිබිණි.
දින 364කින් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් පොළිය ඉහළ ගොස් තිබුණේ 12.28 සිට 15.69ක් දක්වා ය.
RN