ජනාධිපති ඉල්ලා අස්වීමේ කොන්දේසිය මත ඕනෑම සාකච්ජාවකට සූදානම් – අනුර (VIDEO)

Date:

ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුය යන කොන්දේසියට යටත්ව ඕනෑම යෝජනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

ඒ, අද (07) පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයට එක්වෙමිනි.

ජනාධිපතිවරයා සිය ධූරයේ සිට කරන කිසිදු යෝජනාවකින් රටේ ඇතිව තිබෙන කැලඹිලිකාරී තත්ත්වය සමනය කිරීමට සමත් නොවන අතර මේ වනවිට මෙම දේශපාලන හා ආර්ථික අර්බුදය නිශ්චිත කේන්ද්‍ර දෙකකට කේන්ද්‍රගත වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තවදුරටත් ජනාධිපතිවරයා එම ධූරයේ සිටිමින් ඊට යටින් අටවන ලද සභාග හෝ අන්තර්පාලන හෝ මේ ව්‍යවස්ථාව ඇතුළෙන් හෝ මේ ව්‍යවස්ථාව පිටතින් හෝ ගෙන එන කිසිදු යෝජනාවක් පුරවැසියන් භාරගැනීමට සූදානම් නැති බවයි දිසානායක මහතා අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...