යුක්රේන අර්බුදය විසඳන්න නේටෝ සංවිධානය දැඩි උත්සාහයක ලු!

Date:

යුක්රේන – රුසියා යුධමය තත්ත්වය තුළ යුක්රේනයට සහාය ලබාදීමට කටයුතු කරන බව නේටෝ සංවිධානය පවසා තිබේ.

යුක්රේන මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් අද (07) දින පැවති මාධ්‍ය හමුවක දී අවධාරණය කළේ ගුවන් යානා බිම හෙලීමට ඉලක්ක කර ඇති මිසයිල පද්ධති සහ ආරක්ෂක පද්ධති ඇතුළු විවිධ වර්ගයේ ආයුධ යුක්රේනයට ලබා දීමට නේටෝ සංවිධානය කටයුතු කරන බවයි.

එමෙන්ම, තම හවුල්කාර පාර්ශවයන් විසින් රුසියාවට විරුද්ධව දිගටම සම්බාධක පැනවීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.

යුක්රේනය හරහා මෙම ගැටුම උත්සන්න වීම වැළැක්වීමට නේටෝ සංවිධානයට වගකීමක් ඇති බවත්, යුක්රේනයට සහාය ලබා දෙන අතරම මෙම ගැටුම වැළැක්වීමට දැඩි ලෙස උත්සාහයක නිරත වන බවත් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් මහ ලේකම් වරයා වැඩිදුරටත් පවසා ඇත.

මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ බෙල්ජියමේ බෘසෙල්ස් නගරයේදී ය. එම මාධ්‍ය හමුවට යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා ද සහභාගී වී සිටියේය.

මාධ්‍ය හමුව අමතමින් යුක්රේන විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ යුක්රේනයට ලැබෙන ආයුධ ප්‍රමාණය වැඩිවෙමින් පවතින බවත්, මෙම ආයුධ ඉක්මනින් ලැබෙන තරමට මිනිස් ජීවිත වැඩි ප්‍රමාණයක් බේරා ගැනීමට හැකිවනු ඇති බවත් ය. එමඟින් තවත් නගර, ගම්මාන විනාශ නොවනු ඇති බවත්, තම මිත්‍ර රාජ්‍යයන්ට ලබා දීමට ඇති සරල පණිවිඩය මෙය බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...