හිටපු මහබැංකු අධිපතිට විදෙස් ගමන් තහනමක් ..

Date:

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියම කළේය.

ඒ, පසුගිය සමය තුළ රටේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවලට හිටපු මහබැංකු අධිපතිවරයා සම්බන්ධ බවත් ඔහු රටින් පිටවීමට උත්සාහ දරණ හෙයින් එය වළක්වාලන ලෙසත් පවසමින් හිටපු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ය.

ඒ අනුව අප්‍රේල් 18 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා මහත්මිය නියෝග කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...