නිවාඩු දුන්නාට අපි ගමේ යන්නේ නෑ, අරගලය නවත්වන්නේත් නෑ – විරෝධතාකරුවන්

Date:

සිංහල – දෙමළ අලුත් අවුරුදු නිවාඩුව සඳහා හෙට (08) සන්ධ්‍යාවේ සිටම ගම්බිම් කරා යා හැකිවන පරිදි රජය අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත් කළත් තමන් විරෝධතා නවතා කොළඹින් පිටව නොයන බව විරෝධතාවේ නියුතු තරුණ තරුණියන් පවසයි.

මීට පෙර සැලසුම් කළ පරිදිම ජනාධිපතිවරයාට සහ රජයට එරෙහි විරෝධතා අඛණ්ඩවම ඉදිරි සතිය තුළත් පවත්වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම සති අන්තයේදී විශාල සෙනඟක් කොළඹට රැස්කර දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.

පසුගිය මාර්තු 30 වනදා සිට මේ දක්වා දින 9ක් තිස්සේ අඛණ්ඩවම විරෝධතා පැවැත්වෙමින් තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...