හැමෝම බලාසිටි සාකච්ඡාවක් කල් යයි!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 07 කොළඹ LNW :

අද (07) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාව නොපවත්වා ඇති බව වාර්තා වේ.

එම සාකච්ඡාව , හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි කාර්යාලයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණු අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම හේතුවෙන් අදාළ සාකච්ඡාව පවත්වා නොමැති බව සඳහන් වේ.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44ක තීරු බදු සම්බන්ධයෙන් සහ ඒ වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබුණ අතර, එම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වන බවට මීට පෙර වාර්තා විය.කෙසේවෙතත් අද පැවති සාකච්ඡාවට ඔහු සහභාගී වී නැත.

මහින්ද රාජපක්ෂ මහතා එම සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයෙකු අකමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් වෙනම පැවැත්වීමට නියමිතව තිබෙන බවද සඳහන් වේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ, බොහෝ විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් අදාළ සාකච්ඡාව සිදු කරනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිංගික අධ්‍යාපනය, සමාජභාවී අනන්‍යතාවය කුණුහරුපයක්කළ විට ප්‍රතිඵලය “සිස්ටර් හොංග්” වේ!

ලිංගික අධ්‍යාපනය, සමාජභාවී අනන්‍යතාවය කුණුහරුපයක්කළ විට ප්‍රතිඵලය “සිස්ටර් හොංග්” වේ!

වෛද්‍ය ධම්මික මලල ක්‍රීඩාවේ කුමන හෝ තනතුරකට රිංගන්නට දැඩි උත්සාහයක

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 29, කොළඹ LNW:  ක්‍රීඩා අමාත්‍යවරයාගේ...

ගාල්ල පළමු වටවලටත් වඩා පහසුවෙන් අවසාන තරගය ජය ගනියි

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 29, කොළඹ LNW: අවුරුදු 19 න්...

චීනයේ ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් එරට ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:මේ දිනවල නැගෙනහිර, උතුරු සහ ඊසාන දිග චීනයේ...