කොළඹ කොටස් වෙළඳපොල ඉතිහාසයේ දිනක් තුළ දැවැන්තම කඩාවැටීම වාර්තා කරයි !

Date:

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද (අප්‍රේල් 07) දිනයේදී ඉතිහාසයේ දිනක් තුළ දැවැන්තම කඩා වැටීම වාර්තා කළේය.

අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 712.90 කින් පහළ ගොස් ඒකක 14660.45 ක් ලෙසින් සටහන් විය.

S&P SL20 මිල දර්ශකය ද ඒකක 268.51කින් පහළ ගොස් ඒකක 4264.84ක් ලෙසින් සටහන් වී තිබිණි.

අද පෙරවරුවේ S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම නිසා කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීමක් ද සිදුවූ අතර එම අවස්ථාවේ දී S&P SL20 දර්ශකය 5.30%ක ප්‍රමාණයක් පහළ ගොස් තිබෙනු දක්නට ලැබිණි.

මීට පෙර මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් ඇතුළත කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ගණන ලෙසින් වාර්තා වී තිබුණේ 2022 අප්‍රේල් මස 26 වන දින ASPI ඒකක 608.50 කින් පහළ යාමයි.

ගනුදෙනු සඳහා විවෘතව පැවති පසුගිය දින කිහිපයේදීම කොළඹ කොටස් වෙළඳපොල යම් පසුබෑමක් පෙන්නුම් කරන අයුරු ද දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...