වසර හයකට පසු උතුරු කොරියාව පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වයි

0
535

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වසර හයකට පසු ප්‍රථම වතාවට උතුරු කොරියාව විදේශීය ධාවකයන් 200 ක් පමණ සහභාගී කරගනිමින් ප්යොංයැංහි ජාත්‍යන්තර මැරතන් තරඟයක් පවත්වා තිබේ.

1981 දී දියත් කරන ලද මැරතන් තරඟය, එහි ආරම්භක නායක කිම් ඉල් සුංගේ උපත සැමරීම සඳහා වාර්ෂිකව අප්‍රේල් මාසයේදී පැවැත්විණි. ඉන් අනතුරුව අවසන්වරට 2019දි විදේශීය ක්‍රීඩකයන් 950ක් සම්බන්ධ කරගනිමින් මැරතන් තරඟයක් පවත්වා ඇති අතර ඉන් අනතුරුව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් උතුරු කොරියාව වසා දැමිණි.

එතැන් සිට උතුරු කොරියාව නැවත විවෘත කිරීමට මන්දගාමී වූ අතර පසුගිය වසරේ සිට රුසියානු සංචාරකයින්ට පමණක් එහි අගනුවරට ඇතුළු වීමට ඉඩ සලසා තිබිණි.