භූමිකම්පාවෙන් පීඩාවට පත් මියන්මාරයේ සමහර ප්‍රදේශවලට තද වැසි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය මාර්තු මස 28වන දින රික්ටර් මාපකයේ 7.7ක ප්‍රභලත්වයකින් යුතු භූ කම්පනයකින් පීඩාවට පත් මියන්මාරයේ සමහර ප්‍රදේශවලට තද වැසි ඇදහැලෙමින් පවතින බව වාර්තා වේ.

එය සහන කටයුතු සංකීර්ණ කර ඇති අතර රෝග අවදානම ඉහළ නංවා ඇත.

මේවන විට රටට බලපෑ බලවත් භූමිකම්පාවලින් 3471 දෙනෙකු මියගොස් 4,671 දෙනෙකු තුවාල ලබා තවත් 214 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇත.

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය අසල පිහිටි මැන්ඩලේ නගරය අතිශය විනාශයට පත්ව ඇති අතර මෙම ප්‍රදේශයේ දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 (ෆැරන්හයිට් අංශක 98) දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. වැසි සහ අධික උෂ්ණත්වයේ බලපෑම එළිමහනේ කඳවුරු බැඳගෙන සිටින භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් අය අතර කොලරාව ඇතුළු රෝග පැතිරීමට හේතු විය හැකි බවට ආධාර ආයතන අනතුරු අඟවා තිබේ.

මේ වන විට රටපුරා විදුලිය, දුරකථන හෝ ජංගම දුරකථන සම්බන්ධතා බිඳ වැටි ඇති අතර මාර්ග සහ පාලම් වලට හානි සිදු වී ඇති අතර එමඟින් විනාශයේ සම්පූර්ණ ප්‍රමාණය තක්සේරු කිරීම දුෂ්කර වී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මෙම භූ කම්පනය, යුද්ධය හේතුවෙන් අභ්‍යන්තරිකව අවතැන්ව ඇති මිලියන තුනකට අධික ජනතාවක් හා අවශ්‍යතා ඇති මිලියන 20 කට ආසන්න පිරිසක් ඇති රටේ දැනටමත් ඇති ව ඇති දරුණු මානුෂීය අර්බුදය තවත් උග්‍ර කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...