Home දේශපාලන පුවත් කටකතා ප්‍රවේශම් වන්න. වට්ස්ඇප් හරහා සිදුකෙරෙන මුදල් වංචා හැමතැනම !

ප්‍රවේශම් වන්න. වට්ස්ඇප් හරහා සිදුකෙරෙන මුදල් වංචා හැමතැනම !

වට්ස්ඇප් (WhatsApp) හරහා විවිධ පුද්ගලයින් රවටා මුදල් වංචාකිරීමේ රැල්ලක් නැවත පැතිර යමින් පවතින බව වාර්තා වේ.

ඇතැම් ප්‍රධානතම පෙළේ රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ව්‍යාපාරිකයින්ගෙන් මුදල් එකතු කිරීම, ව්‍යාපාරිකයින් වශයෙන් වංචනික ලෙස පෙනී සිටිමින් ජනතාවගෙන් මුදල් ලබාගැනීම, යම්යම් මිතුරු සාමුහිකවල යමෙකුට උදව්කිරීමට යැයි බොරුවට පවසමින් මුදල් එකතුකිරීම ඇතුළු සිද්ධි ගණනාවක් පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇත.

ඒ අනුව, මෙවැනි දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත්ව සහ ප්‍රවේශම් සහගතව කටයුතු කිරීමෙන් ඔබට මෙවැනි වංචනිකයින්ගෙන් බේරීමට හැකිවනු ඇත.