*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ක්‍රීඩා ඇමති හරියට ඉදිරි අඩිය තියයි ද?

කොළඹ (LNW): ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිය කේවට්ට කැළ සමඟ උජාරුවෙන් හැසිරෙමින් සිටියේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට අවශ්‍යය ආකාරයට ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රියාත්මක නොකරන ආකාරයටය.එය වාතයක් තරමටවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මායිම් නොකළ අතර ක්‍රීඩා අමාත්‍යවරයා පාපන්දු සම්මේලනයේ මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ සෙවීමට කමිටුවක් පත් කර ඔහුට ආසන්න බරක් ඇති කොළ ගොඩක වාර්තාවක් ද ලබා ගත්තේය.එහි දි හඳුනාගත් වැරදි ද විශාල ප්‍රමාණයකි.

දැන් ක්‍රීඩා අමාත්‍යවරයා තමන් සහ තමන්ගේ කණ්ඩායම එකඟ වූ පරිදි නිලවරණය නොපැවත්වීම නිසා තහනම පැන වූ බවත්,තමන්ගේ ආශිර්වාදය හිමි වුණ පාළකයන් සිටින තාක් කල් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අවසරය ශ්‍රී ලංකාවට නොලැබෙන බවත් වටහාගෙන පත් වූ පාපන්දු සම්මේලනය විසුරුවා එහි පාලනය ක්‍රීඩා සංවර්ධණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පවරා ඇත.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වාරණයට ලක් කිරීමෙන් ඉනික්බිතිව එම ගිණුමට අදාළව භාවිතා කර ඇති සියළුම මුදල්වලට හිටපු පරිපාළකයෝ හා සම්බන්ධ වූ පාර්ශව වගකිව යුතුය.ක්‍රීඩා අමාත්‍යවරයා පත් කරන ලද කමිටුවට යම් ආකාරයක ගෙවීමක් කර ඇත්නම් එය ද කර ඇත්තේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිල වශයෙන් තහනම් කර ඇති පරිපාලන ඒකකයෙන් වීම නිසා එයට ද වගකිව යුතු වන්නේය.

කෙසේ හෝ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ එකඟ වූ ආකාරයෙන් නිලවරණය නොපැවත්වීමේ වරදට සමාව සමඟ නව තීරණය දැණුම් දී අලුත් නිලරණයකට අවශ්‍යය මාර්ග සිතියම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ උපදෙස් මත නොපවත්වන්නේනම් යළිත් සිඳු විය හැක්කේ ආපස්සට කැරකී තව දුරටත් තහනම දීර්ඝ වීමය.පත් වූ පරිපාලනය විසුරුවා හරින්නට ගත් තීරණය ගැන විවාදයක් නැත.එය පමා වූ හොඳ තීරණයකි.නමුත් ඉදිරි පියවරේදි ගැඹුරු හඬින් “රටේ ක්‍රීඩා අමාත්‍යවරයා සේ මට ක්‍රීඩා පණතෙන් ඇති බලතල මත පිහිටා ක්‍රියා කරනවා” යැයි පවසා නිලවරණ පවත්වන්නට යා හැකි උද්ධච්ඡකම මැඩ පැවත්විය යුතුය.
අප තහනම වූ මොහොතේම පත් වූ පිරිස විසුරුවා හැර ගත යුතු ක්‍රියා මාර්ග ගැන කිව ද ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළේ අපේ රටට අත් දාන්න ආවොත් ලෝකෙටම ගහනවා මේක ලංකාවේ පුට්බෝල් යන සෙයියාවෙන්ය.එහෙත් රට තියෙන්නෙ ලෝකය අස්සේ බව දැන් හෝ යම් තරමකට හඳුනාගැනීම සතුටුදායකය.නමුත් ඊ ළඟ තත්පරයේ පාපන්දු සම්මේලනයේ කුමන ව්‍යවස්ථාවක් යටතේ මෙම නිලවරණය පැවත්විය යුතු ද සහ එහිදී අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් ෆිෆා සමඟ එකඟතාවයක් අවශ්‍යය වන්නේය.

කරන ලද සමීක්ෂණ හරහා හෙළිදරව් වූ දේ ද ෆිෆා වෙත දැණුම් දීම සහ “ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව කියා තීරණ නොගෙන සෑම වරදකටම දඬුවම් දිය හැකි රටේ පොදු නීතියට අනුව ක්‍රියා කිරීම වැදගත්ය.මේ මොහොතේ ආඩම්බරයට නොකර සිට පස්සෙ ඒ දේ ම කරන්න වීම පෙන්නා දෙන කරුණු අනුව මේ මොහොතේ වැඩ කිරීමටත් වඩා කුජීත වැඩක් පමණක් බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරනු කැමත්තෙමු.විසුරුවා හැරීමේ වැදගත්කමද මාස ගණනකට පෙර අප පෙන්වා දුන් මොහොතේම කරානම් මීට වඩා වැදගත් ය.

සටහන – නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan