ශ්‍රී ලංකාවට අලුත් සාමාජිකත්වයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ සාමාජිකයින් විසින් 2024 සිට 2028 දක්වා සිව් අවුරුදු ධුර කාලයක් සඳහා ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට තේරී පත්ව තිබේ.

කාන්තාවන්ගේ අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ දිගුකාලීන සම්ප්‍රදාය, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෙනස්කම් කිරීම් තුරන් කිරීම සඳහා වන කැපවීම පිළිබඳ අවධානය යොමුකරමින් ශ්‍රි ලංකාව ඒ සදහා තෝරා පත් කරගෙන තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ බංග්ලාදේශය, බෙල්ජියම, බොලීවියාව, කොලොම්බියාව, රුමේනියාව සහ නෙදර්ලන්තය මෙවර එම කොමිසම සදහා තේරී පත් වූ සෙසු රටවල් වන බවයි .

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පමණක් කැප වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අන්තර් රාජ්‍ය ආයතනය ද මෙය වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2021 ගෝඨාගේ කාබනික පොහොර තහනම: ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකුගේ ඇසින්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සලේගේ නඩුව: ඊයේ (06) පස්වරුවේ අධිකරණයේ මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : කොළඹ ජාතික රෝහලේ...