කෘෂි නිළදාරීන්ගේ දිගුකාලීන විදේශගතවීම් සඳහා සීමා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලුව සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරින්ට දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර තිබේ.

ඊයේ (06) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති පළාත් කෘෂිකර්ම සමුළුවේ දී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ නිලධාරින් විදේශගතවීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වී ඇති අතර එම නිලධාරින් විදේශගතවීමකදී කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන බැවින් දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය ලබානොදෙන ලෙස පළාත් කෘෂිකර්ම බලධාරීන් අමාත්‍යවරයාට යෝජනා කර තිබුණි.

කෘෂිකර්ම අංශයේ සේවය කරන කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක මේ වනවිට විශාල වශයෙන් පුරප්පාඩු පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි. තවද
කෘෂිකර්ම අංශයේ නිලධාරීන් දීර්ඝ කාලයකට විදේශගතවීම හරහා රටේ කෘෂිකාර්මික අංශය මුළුමනින්ම කඩාවැටීමේ අවදානමක් ඇති බවත් ඊට විසඳුමක් ලෙස මෙම පියවර ගත් බවත් වාර්තා වේ.

මෙම තීරණය දැනට පුරප්පාඩු පවතින තනතුරු සඳහා නව බඳවාගැනීම් සිදුකරන තෙක් ක්‍රියාත්මක කරන බවත්, කෘෂිකර්ම අංශයට අදාළ නිලධාරින් දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා සිදුකරන ඉල්ලීම් තමන්ට යොමු නොකරන ලෙසත් අමාත්‍යවරයා සියලුම කෘෂිකර්ම බලධාරීන්ට දන්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...