හරක් හොරුන්ට වැඩ වරදී, දඩය ලක්ෂ 10 දක්වා වැඩි වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08, කොළඹ (LNW):ගව හිමියන්ට ප්‍රධාන බාධකයක් වන හරක් හොරුන් වෙනුවෙන් ඉහළම දඬුවම් දීමට කටයුතු කරන බවත්, දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව හරක් හොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා එම මෙහෙයුම ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඒ අනුව, හරකෙකු හොරකම් කළ පුද්ගලයකුට දැනට පවතින රුපියල් දහදාහේ (10,000) දඩ මුදල සංශෝධනය කරමින් රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කර, හරක් හොරුන් හිරේ දමමින් ඇප නොදෙන මට්ටමට පනත සංශෝධනය කරමින් හරක් හොරුන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට නව පනතක් ගෙන එන බව ද ඒ මහතා කියා සිටියේය.

අමරවීර මහතා එහිදී මෙසේද පැවසුවේය.

” මම දැක්කා පත්තරේ ති‍ෙයනවා කිරි ලීටර් විස්ස ගත්තු වැස්සි මරලා මස්වලට ගත්ත අවස්ථා, මම නම් සලකන්නේ කිරි ගවයෙක් මරනවා කියන්නේ ඒක මිනිහෙක් මරනවා හැටියටයි. සමහර පවුල්වල ජීවිකාව ඒ හරකා වෙන්න පුළුවන්. පනත සංශෝධනය කරනකන් හරක් හොරුන්ට ඉහළම දඬුවම ලබා දෙන්න කියලා මම පොලිසියෙන් ඉල්ලා සිටිනවා. යුක්තිය මෙහෙයුමෙන් පොලිසියට ලොකු ගෞරවයක් ලැබිලා තියෙනවා. දැන් යුක්තිය මෙහෙයුමෙන් මේ ගවයන් ආරක්ෂා කර ගන්න වැඩපිළිවෙළට. මම ඉල්ලීමක් කරනවා පොලිසියෙන් පනත සංශෝධනය කරනකන් හරක් හොරුන්ට ලබා දෙන්න පුළුවන් ඉහළම දඬුවම දෙන්න කියලා. ඒ සඳහා යුක්තිය මෙහෙයුම පෙරමුණ ගන්න කියලා මම පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. අද බොහෝ දෙනෙක් ගවයන් ඇති කිරීමෙන් වළකින්නේ බොහොම මහන්සියෙන් හදා ගන්න හරකා දවසෙන් දෙකෙන් හරක් හොරු මස් කරන හින්දා යැයි මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...