ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද (08) දිනයේ කැඳවා ඇති පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම නීත්‍යානුකූල එකක් නොවන බව එම පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් නිමල් සිරිපාල මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
පක්ෂයේ දේශපාලන මණ්ඩලය කැඳවීමට බලය ඇත්තේ පක්ෂ සභාපතිවරයාට පමණක් බවයි වැඩබලන මහලේකම්වරයා සිය ලිපියෙහි සඳහන් කර ඇත්තේ.
එමෙන්ම නිමල් සිරිපාල අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය පක්ෂයේ තීන්දුවක් මත අත්හිටුවා ඇතැයි මහලේකම්වරයා සිහිපත් කර ඇති අතර දැනට ඔහු එම තනතුරේ පෙනී සිටින්නේ අධිකරණයෙන් ලබාගත් අතුරු නියෝගයක් පමණක් මත බවත් පෙන්වා දී ඇත.
RN