සටහන – නිශ්මං රණසිංහ
අප්‍රේල් 08, කොළඹ (LNW):
අයිසීසීය වාර්තු මාසයට අදාළව, මාසික ක්‍රීඩකයා නම් කිරීම සඳහා යොජනා ඇති නම් තුන අතර කමිඳු මෙණ්ඩිස් ද සිටියි.ඔහු ඒ සඳහා නිර්දේශ වී ඇත්තේ ගෙවුණ බංගලාදේශ සංචාරයේදී ටෙසට් ඉණිම හතරකදී ශතක දෙකක් සහ අර්ධ ශතකයක් සමඟ රැස් කරන ලද ලකුණු 334 හේතුවෙන් ය.එහිදී ඔහු දෙවන ටෙස්ට් තරගයේ මෙන්ම තරගාවලියේ ද වීරයා විය.එසේම මෙහිදී සැළකිල්ලට නොගත්ත ද ඔහුගේ සුවිශේෂී දඟ පන්දු හැකියාවෙන් දෙවන බඉණිමේ දී බංගලාදේශ කඩුලු 3 ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක්වීය.මේ නිසා ශ්‍රී ලංකාවට තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට කමිඳුගේ දායකත්වය ඉහළින් ඉවහල් විය.තරගාවලිය පැවත්වුණේ බංගලාදේශයේ ය.
නම් කර සිටින ක්‍රීඩකයින් තිදෙනා අතර සිටින නවසීලන්තයේ මැට් හෙන්රි සය රටේ පැවති ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරග දෙකේදී විශිෂ්ඨ පන්දු යැවීමක නියැලෙමින් එම තරගාවලියේ වීරයා වූයේ කඩුලු 17 ක් දවා ගනිමින්ය.එසේම ඔහු ලකුණු 102 ක් සිය කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් ද එක් කරන්නට සමත් විය.එහෙත් මැටිගේ දස්කම්වලට නනවසීලන්තයට ජය ගැනීමට අවස්ථාව උදා වුණේ නැත.තරගාවලියේ තරග දෙකම ඕස්ට්‍රේලියාව ජය ගත්තේ 2– ක් ලෙස කුසලානය සියතට ගනිමින් ය.මාර්ක් ඒඩියර් අයර්ලන්තය වෙනුවෙන් ඇෆගනිස්තානයට එරෙහිව ටෙස්ය් තරගය ජය ගැනීම සඳහා කඩුලු 8 න් දායක වී ලබා දුන් ඓතිහාසික ජයත්,එක්දින තරග තුනේදී කඩුලු 3 ක් සහ විස්සයි විස්ස තරගවලදී කඩුලු 5 ක් ලෙස තරග අංශ තුනෙන්ම කඩුුලු 16 ක් ලබා දීම නිසා මාර්ක් ද මාර්තු මාසය තුළ මාසික ක්‍රීඩකයා ලෙස ඇගයීමට සුදුසුකම් ඇත්තෙක් ලෙස සැළකීමට අයිසීසි ය පියවර ගෙන ඇත.
මේ දස්කම් දැක්වීම දක්ෂතා ජයග්‍රහණයට හේතු වීම ආදි සියලු කාරණා සළකා බලීමේදී ඉදිරියෙන් සිටින්නේ කමිඳු මෙණ්ඩිස් ය.එහෙත් මේ ඇගයීමට ලොව පුරා සිටි ක්‍රිකට් ලෝලීන්ගේ කැමත්ත සහ ආශිර්වාදය අවශ්‍යය වන්නේය.ඒ නිසා මෙම සම්මානය දක්ෂතා අනුව කමිදුට අයිති විය යුතු බව ඔබට හැඟේනම් පහත සබඳතාවයෙන් ගොස් ඔබේ කැමත්ත කමිඳු වෙනුවෙන් භාවිතා කිරීමේ හැකියාව ඇත.https://www.icc-cricket.com/awards/player-of-the-month/mens-player-of-the-month
