හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුවට දින නියම වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු හතරක තීන්දුව අප්‍රේල් මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබේ.

ඒ, එම නඩු ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී නඩුවේ පාර්ශ්වකරුවන් විසින් වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරිණි.

ඉන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මෙම නඩු හතරේ තීන්දුව අප්‍රේල් මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

අල්ලස් කොමිසම විසින් පසුගිය යහපාලන රජය සමයේ මෙම නඩු ගොනුකර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...