ඉස්ලාම් ආගමික රැඳවියන්ටත් රාමසාන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08, කොළඹ (LNW): බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් 2024.04.11 දිනට යෙදෙන රාමසාන් දිනය වෙනුවෙන්, අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙන බව පවසයි.

සියළුම බන්ධනාගාර ආයතන කටයුතු කර ඇත්තේ, ඉස්ලාම් ආගමික සිරකරුවන්ගේ ඥාතීන් විසින් තම නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණ‍යක් පමණක්, පවතින නීතිරීති හා නියමිත ‍සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම‍වේදයන් යටතේ ලබා දීමටයි.

2024.04.12 හා 13 දිනට යෙදෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් සඳහා 2024.04.12 හා 13 දින දෙක තුළ අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත,

ඒ අනුව,රැඳවියන්ගේ ඥාතීන් විසින් තම නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණ‍යක් පමණක්, පවතින නීතිරීති හා නියමිත ‍සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම‍වේදයන් යටතේ ලබා දීමට සියළුම බන්ධනාගාර ආයතන කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...