අගමැතිකම ගැන රනිල් තවමත් වැට උඩ …

Date:

පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂයට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබුණත් එම තනතුර භාරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් අවිනිශ්චිත තත්වයක පසුවන බව ආරංචිමාර්ග පවසයි.

රටේ පවතින ආර්ථික අර්බුදය උත්සන්න වන ආකාරය අනුව ඊට විසඳුම් සෙවීම සඳහා මේ අප්‍රේල් මාසය තුළ රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති තනතුරට පත්කරමින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ සූදානමක් පවතින බව අප අනාවරණය කළේ මීට මාස කිහිපයකට පෙර සිට ය.

නමුත් ආර්ථික අර්බුදය උත්සන්න වූ වේගයට සාපේක්ෂව දේශපාලන වශයෙන් එකඟතාවක් ඇතිකර ගැනීම ඉතාම මන්දගාමී ස්වරූපයෙන් සිදුවීම නිසාම අප්‍රේල් මාසය ආරම්භ වනවිටත් ජනතාව ආණ්ඩුවට එරෙහිව පාරට බැස අඛණ්ඩව විරෝධතා දක්වන තත්වයක් උද්ගත විණි.

මේ වනවිට ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම වී ඇත්තේ ජනාධිපතිවරයා තනතුරින් ඉවත්විය යුතුය යන්න වන නිසා එවන් තත්වයක් තුළ එම ඉල්ලීමට පිටින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරගත්ත ද ඊට ජනතාවගේ සහයෝගය අවම වනු ඇති බැවින් අග්‍රාමාත්‍ය තනතුර භාරගැනීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා දෙගිඩියාවකින් පසුවන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් රටේ ආර්ථික තත්වය දිනෙන් දින අගාධයක් කරා තල්ලු වෙමින් පවතින අතර රටේ මුදල් අමාත්‍යවරයෙකු පවා නොමැති තත්වයක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම ද ගැටලුකාරී වී තිබේ. ඒ අනුව මේ ගැටලුව තුළ තවත් විනාශකාරී ආර්ථික ව්‍යසන තත්වයකට පිවිසීමට පෙර විසඳාගැනීමට ඇති එකම ක්‍රමවේදය වන්නේ වහාම ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඒ ඔස්සේ ඉදිරි මැතිවරණයක් හෝ වෙනත් දේශපාලන ප්‍රතිසංස්කරණ කරා යෑම පමණක්ම බවයි දේශපාලන විචාරකයින් ද පෙන්වා දෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...