පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට ගෙදර යන්නට සිදු වෙයි ද?

Date:

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මෙම සති අන්තයේ ධූරයෙන් ඉවත් කිරීම වීම සිදුවනු ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ ඔහුට එදිරිව එල්ල වූ වූ විශ්වාසභංගයට බාධා කිරීමට ඔහු ගත් පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් පසුවයි.

ඛාන්ට එරෙහි විශ්වාසභංගයක් පාකිස්තාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන ‘ජනතා පක්ෂය’ ප්‍රමුඛ විපක්ෂ සන්ධානයයි. ඊට හේතු වූයේ රටේ පවතින ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිව යුතු බව පෙන්වා දෙමිනි.

විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට අදාල ඡන්ද විමසුම පැවැත්වීමට සූදානම් වෙද්දී, නියෝජ්‍ය කතානායක කියා සිටියේ විශ්වාසභංගය පාකිස්තාන ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය අවලංගු කරන බවය.

පසුව ඔහුගේ රජය පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මැතිවරණයක් කැඳවීය.

ඒ අනුව, විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය අතර, ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) නියෝග කළේ විශ්වාසභංග යෝජනාවලියට අදාල ඡන්ද විමසුම වහා පවත්වන ලෙසය. ඒ අනුව, ඡන්ද විමසුම හෙට (9) පැවැත්වෙනු ඇත. විශ්වාසභංග ව්‍යවස්ථාවට පටහැනි යැයි කීම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ද ඉම්රාන්ට විරෝධය පළ කරමින් විපක්ෂයට සහාය දැක්වීය. ඔවුන් ප්‍රසිද්ධියේ කියා සිටියේ විපක්ෂයේ විශ්වාසභංගයේදී තමන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ලබා දෙන බවය.

දේශපාලන විචාරකයන් මත පළ කරන්නේ මෙහිදි ඉම්රාන් ඛාන් මහතා පරාජයට පත්වී තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!

කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ...

අපිට කැබ් එපා, අපේ කැබ් තුන අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : අපිට කැබ් එපා,...