ජනපතිගේ ඉල්ලීම නිසා ඉල්ලා අස්වෙන්නේ නෑ – රංජිත් සියඹලාපිටිය

0
492

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව තවදුරටත් නියෝජ්‍ය කථානායක ධුරයෙහි කටයුතු කරන බව රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පැවසුවේ තමන් මෙම අප්‍රේල් මාසය සඳහා පමණක් එම තනතුරේ රැඳී සිටින අතර තමන් ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීම භාරදුන් අප්‍රේල් 05 වනදා සිට එම තනතුරට අදාළ වරප්‍රසාද කිසිවක් ද භාවිතා නොකර බවයි.

රංජිත් සියඹලාපිටිය මහතා පසුගිය 05 වනදා සිට නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබුණු නමුත් ජනාධිපතිවරයා එම ලිපිය ප්‍රතික්ෂේප කරමින් ඉල්ලා තිබුණේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීම පිළිබඳ සලකා එම තනතුරේ දිගටම රැඳී සිටින ලෙසයි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here