*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයට තේරී පත්වන පළමු කළු ජාතික කාන්තාව කේටන්ජි බ්‍රවුන් ජැක්සන්!

කේටන්ජි බ්‍රවුන් ජැක්සන් මහත්මිය එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරකට තේරී පත්ව තිබේ.

මෙම පත්වීමේ විශේෂත්වය වන්නේ එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයට තේරී පත්වන පළමු කළු ජාතික කාන්තා විනිසුරුවරිය ඇයි වීමයි.

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝජනය කර ඇත්තේ එහි වසර 233 ක ඉතිහාසය පුරාම කළු ජාතිකයන් දෙදෙනෙකු පමණි.

ඒ තර්ගුඩ් මාර්ෂල් සහ ක්ලැරන්ස් තෝමස් ය. දෙදෙනා ම පිරිමි විනිසුරුවරුන් ය.

ඒ අනුව, මෙවර කළු ජාතික විනිසුරුවරියක් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට තේරී පත්වන්නේ ඉතිහාසයේ පළමු වරටයි. එමෙන්ම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තුළ කළු ජාතික නියෝජනය සිදුවන තුන්වන අවස්ථාව ද මෙයයි.

51 හැවිරිදි කේටන්ජි මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර සඳහා යෝජනා කර තිබෙන්නේ එරට ජනපති ජෝ බයිඩන් මහතා විසිනි.  එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ 53 ට 47 ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයකින් ඒ මහත්මිය තේරී පත්ව තිබේ.

එක්සත් ජනපදයේ වොෂිංටනයේ උපත ලද ඈ හැදී වැඩී තිබෙන්නෙ මයැමි වල ය. 1996 වසරේ හාවර්ඩ් නීති විද්‍යාලයෙන් උපාධි ලබා ගත් කේටන්ජි මහත්මිය නීති ක්ෂේත්‍රයේ පුළුල් දැනුමක් හා අත්දැකීම් සමුදායක් රැගත් කාන්තාවක් බවට සඳහන් වෙයි.

ඈ නීති ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලසීමාව තුළ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු බ්‍රෙයර් යටතේ ලිපිකාරිනියක ලෙස සේවය කර ඇත.

ගතවූ වසර කිහිපය තුළ ඉහළ තලයේ නඩු කටයුතු ගණනාවක් ම ඒ මහත්මිය විසින් හසුරුවා ඇත.

අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan