ඇමරිකානු තීරුබදු ප්‍රශ්නයට පක්ෂ හැටියට නෙවෙයි අපි රටක් හැටියට මුහුණ දිය යුතුයි – ජනපති අනුර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකාව විසින් නව තීරුබදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමත් සමග උද්ගතව ඇති ගැටලුවට පක්ෂ භේදයකින් තොරව රටක් වශයෙන් එක්ව මුහුණ දියයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපි දන්නවා මේ වෙලාවේ ගත්තොත් භූ දේශපාලනයේ මේ මොහොතේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපේ අපනයනවලට යම් බලපෑමක් වෙන තීන්දු තීරණවලට එළැඹිලා තියෙනවා. එය විසඳාගැනීම සඳහා උපරිම උත්සහා සහ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම එය විසඳාගැනීම සඳහා ප්‍රයත්න දරන ගමන් එවැනි අභියෝගයකට මුහුණදීලා අපේ රටේ ආර්ථිකය නැවත අර්බුදකාරී තත්ත්වයකට අත්පත් නොවන ආකාරයෙන් ඊට මුහුණ දෙන්නේ කොහොමද කියලා සැලසුම් හදමින් තිබෙනවා. විසඳාගන්නේ කොහොමද කියන එක වගේම අභියෝගයට මුහුණ දීම සඳහාත් අපි සැලසුම් සකස් කර තිබෙනවා. ඒක අපි අපේක්ෂා නොකරන ලද තත්ත්වයක් මේ නිශ්චිත මොහොතේ මතුවෙලා තියෙනවා. එහෙත් අපේ ආර්ථිකය ඉතාමත් හොඳ ඉදිරි ගමනක් පෙන්නුම් කරමින් තිබෙනවා. ඒ ප්‍රශ්නයට අපි පක්ෂ හැටියට නෙවෙයි, ඒ ප්‍රශ්නයට අපි මුහුණ දියයුතු වන්නේ ජාතියක් හැටියට. ඒ නිසා මේ රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එවැනි ප්‍රශ්නයක් ඇතිවීම වැළැක්වීම සඳහා උපරිම මැදිමත්වන ගමන්, එවැනි ප්‍රශ්නයකට මුහුණදීම සඳහා ජාතිකයක් හැටියට සූදානම් විය යුතුව තිබෙනවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 07) ගාල්ලේදී පැවති මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...