දැන් සමාජවාදී කඳවුරක් නෑ. අපි ඩඩ්ලිත් එක්කත් වැඩ, ධම්මික පෙරේරාටත් ඉඩක් තියෙනවා – ලාල්කාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

1971 සහ 88 – 89 ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගල කළ සමයේ පැවති තත්වයට වඩා වර්තමාන තත්වය වෙනස් බවත් ඇතැමුන් පන්ති සටන ගැන මතක් කළත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඩඩ්ලි සිරිසේන, ධම්මික පෙරේරා වැනි කෝටිපති ව්‍යාපාරිකයින් සමග වැඩ කරන බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“දැන් හතුරා කියනවා මේ පක්ෂය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා මේ ඉතිහාසය පුරාම කැපවෙච්ච අය අපරාදෙ ඒගොල්ලො ජීවිත කැපකරේ කියලා හිතයි ලු. මේ හතුරෝ කියන්නෙ. 71 අරගල කළේ සමාජවාදය වෙනුවෙන්. 88 – 89 අරගල කළේ සමාජවාදය වෙනුවෙන්. කෝ දැන් ජාතික ජන බලවේගයේ සමාජවාදයක් ? එතකොට අර දිගට කරගෙන ආපු කැපකිරීම් ඔක්කොම එකතුවෙලා මේ ගත්ත බලය වැඩක් නෑ කියලානෙ කියන්නෙ. සන්නද්ධ අරගල දෙකකට සම්බන්ධ වෙච්ච පක්ෂයක් අර කියනවා වගේ ජීවිත 70,000 ක් ධනපති පන්තිය විසින් විනාශ කරලා දාපු පක්ෂයක්. එතකොට දැන් සමාජවාදී කඳවුරුත් නෑ. එහෙම ඒවා නෑ ලෝකෙ … එතකොට දැන් අපට ඉස්සරහට යන්න වෙන්නෙ ලෝකෙ ඉන්න කොයි රටත් එක්කත් ගනුදෙනු පවත්වාගෙන. ඊළඟට අපි කියනවා ඩඩ්ලිත් එක්කත් වැඩ, ධම්මික පෙරේරාටත් ඉඩක් තියෙනවා, ගොවියාටත් ඉඩක් තියෙනවා. එතකොට කෝ පන්ති සටනක් ? තර්කයක් මම මේ කියන්නෙ. එහෙනම් මෙතන යම් වෙනසක් තියෙනවාද ? තියෙනවා. 71 වෙනකොට තිබුණු තත්වෙයි, 88 – 89 වෙනකොට තිබුණු තත්වෙයි දැන් මේ කියනකොට තියෙන තත්වෙයි වෙනසක් තියෙනවාද ? තියෙනවා. මේ වෙලාවේ මාලිමාවත් එක්ක හැප්පෙන්න හදනවා කියලා කියන්නෙම, ඕනෙ නම් ඒගොල්ලොන්ටත් හොඳයි 71 අත්දැකීම. ඒගොල්ලොන්ටත් හොඳයි. පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න තියෙන්නෙ”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අනුරාධපුරයේදී පැවති 54 වැනි අප්‍රේල් විරු සමරුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...