*
Thursday, April 17, 2025
spot_img

Latest Posts

චීස් පිරුණු ස්වීට් කෝන් හදමුද?

රෂිකා හෙන්නායක අප්‍රේල් 08 කොළඹ LNW :

ඔබ දන්නවද? විශේෂයෙන්ම නිතරම ඇතිවෙන පොඩි බඩගින්නට ගුණදායක ආහාර හොයන ඔබට සෞඛ්‍යයට හිතකර ලෙස වගේම ගොඩක් වෙලාවකට ආයෙ බඩගින්නක් ඇති නොවෙන්නත්  බඬඉරිඟු වලින් ලබා දෙන්නෙ හොඳ සහයක් බව.

ෆයිබර් අඩංගු නිසා ආහාර ජීර්ණය ක්‍රමවත් කර කුස පිරුණු ස්වභාවයක් දැනෙන්න, ලුටෙයින් වගේ ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා ඇස් වල සෞඛ්‍ය වැඩි කරගන්න, කාබෝහයිඩ්‍රේට් මඟින් ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙන්න වගේම විටමින් C, විටමින් B 6 ඇතුළු විටමින් වර්ග රාශියක්, ෆෝලේට්, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම් වගේ පෝෂක සංඝටක වලින් සහ අනෙකුත් එළවළු එක්ක සන්සදනය කරද්දි ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් වගේම කැපීපෙනෙන ලෙස අඩු මේද ප්‍රමාණයක් බඬඉරිඟු වල අඩංගුයි කියලත් හොයාගෙන තියෙනව.

ඉතිං සැර පිරුණු ස්වීට් කෝන් රෙසිපියක් ගැන අද කියලා දෙන්නද?

සාමාන්‍යයෙන් ස්වීට් කෝන් කරල් විදිහට අසුරල වගේම ටින් වල ඇසුරුම් කරල සුපිරි වෙළඳසැල් වල මිලදී ගන්න තියෙනව. මේ ස්වීට් කෝන් හොඳ පැණි රසක් එක්කම කිරි රසයෙනුත් පිරිල තියෙන නිසා ස්වීට් කෝන් වලින්ම මේ රෙසිපිය හදාගන්න පුළුවන් නම් වඩාත් රසවත් වුනත් ස්වීට් කෝන් හොයාගන්න බැරි නම් සාමාන්‍ය බඩ ඉරිඟු හොඳට තම්බලා වුනත් පාවිච්චි කරන්න ඔබට පුළුවන්. එහෙනම් අපි බලමු මේ සඳහා අවශ්‍ය කළමණා මොනවද කියල. 

මේවා තමයි ඕන කරන්නෙ,…

බටර් හෝ මාගරින් මේස හැන්දක් , කුඩාවට කපාගත් සුදුළූණු තේ හැන්ඳක් ,පාන් පිටි තේ හැන්ඳක් , කිරි කෝප්ප ½ ක් , ලුණු කුඩු, ගම්මිරිස් කුඩු , කෑලි මිරිස් , තම්බාගත් ස්වීට් කෝන් හෝ සාමාන්‍ය බඬඉරිඟු කෝප්පයක්, ගාගත් මොසරැල්ලා මේස හැඳි 05 ක් හෝ ඔබ කැමති ප්‍රමාණයක් 

සාදාගන්නා ආකාරය

මුලින්ම, තරමක් ගැඹුරු පැතලි භාජනයක් මඳගින්නේ ලිපතබා එයට බටර් එකතු කරගන්න. බටර් දියවීගෙන එනවිට එයට කුඩාවට කපාගත් සුදුළුණු එකතු කර තත්පර 10 ක් පමණ කලවම් කරමින් හැඳිගා ගන්න.තත්පර 10 කට පස්සෙ පාන් පිටි එකතු කරල නැවත හොඳින් කලවම් කරල මේ පිටි මිශ්‍රණයට කිරි කෝප්ප භාගයක් එකතු කරල නැවතත් හොඳින් කලවම් කරගන්න ඕන.දැන් මේ මිශ්‍රණය යන්තම් බුබුළු දමමින් උකුවීගෙන එද්දි ඔබේ රස අනුව ලුණු කුඩු, මිරිස් කුඩු සහ කෑලි මිරිස් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න.ඔබ කැමති නම් මේ වෙලාවෙ කුඩාවට කපාගත්ත නයි මිරිස් කරලක් දෙකක් එකතු කරගන්නත් පුළුවන්. දැන් මේ මිශ්‍රණයට අපි කලින් තම්බාගත් ස්වීට් කෝන් හෝ බඬඉරිඟු එකතු කර කලවම් කරගෙන මොසරැල්ල චීසුත් ඔබ කැමති ප්‍රමාණයකට එකතු කරගන්න පුළුවන්.

මේ මොසරැල්ලා චීස් 90% ක් පමණ දියවීගෙන එද්දි සෙමින් හැඳිගාගෙන ලිපේ ගින්දර නිවා භාජනයේ රස්නෙන් ඉතිරි මොසරැල්ලා චීස් දියකරගෙන උණුසුම්වම ස්වීට් කෝන් රස බලන්න ඔන්න දැන් ඔබටත් පුළුවන්. 

එහෙනම් හදලා පවුලේ සැමත් එක්ක රස බලන්නකෝ…හමුවෙමු තවත් මෙවැන්නකින්…

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan