රෂිකා හෙන්නායක අප්‍රේල් 08, කොළඹ LNW :
නවීන පහසුකම් රැසක් එක් කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද (08) දින යළි විවෘත කිරීමට නියමිත බව සඳහන් වේ.
මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සහ ශ්‍රී ලංගම සේවක මණ්ඩලයේ පහසුකම් ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණයි.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව මෙම සංවර්ධන කටයුතු මගින් පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව, හෙට (09) දින සිට කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.



