”ජාතික සම්පත් විකිණීම මඟුලක්ද? උගුලක්ද ?” ජාතික ජනබලවේගය ප්‍රශ්න කරයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහ බැංකු අධිපතිගේ තින්දුවත් එක්ක අපේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් එක්ක ගැටගැසීමක් සිදුකළ බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි .

තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

“මහ බැංකු අධිපති නන්දලාල්, ඔහුව මහ බැංකු අධිපති ලෙස පත් කරන්නේ 2022 අවුරුද්දේ අප්‍රේල් මාසේ 08 වනදා. ඔහු මහ බැංකුවට ගොඩ වෙලා ගත්තු පළමු තීන්දුව තමයි ශ්‍රී ලංකා රජය විදේශීය රටවල්වලින් සහ මූල්‍ය අරමුදලවල් වලින් අරන් තියෙන ණය ගෙවන්නේ නෑ කියන එක. ඔබ හිතනවාද? කවර හෝ බහ බැංකු අධිපතිවරයෙකුට මහ බැංකුවට ගොඩවූ පළමු දවසේම එහෙම තීන්දුවක් ගැනීම.. එකත් එක්ක යම් අන්තර් සම්බධතාවයක් තියෙන බව ඔබට තෙරෙන්නේ නැද්ද.”

“ඒ විතරක් නෙමේ රටේ මූල්‍ය බලය මුලුමනින්ම පැවරෙන්නනේ පාර්ලිමේන්තුවට. ඒකට අත තියන්නත් බෑ කියලා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. හැබැයි කැබිනට් මණ්ඩලයවත් පාර්ලිමේන්තුවවත් දැනුම්වත් කිරීමකින් හෝ තීන්දුවකින් තොරව මහ බැංකු අධිපතිවරයා විසින් තීන්දුවක් ගන්නවා.. අපි ණය ගෙවන්නේ නෑ කියලා. මා දැක්කා පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුවෙනවා කියලා.”

“අරන් තියෙන ණය ගෙවන්නේ නැතිනම්.. අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට යා යුතුමයි. වෙන විකල්ප පාරවල් කිසිවක් නෑ. ඉන්දියානු රජය ණයක් දෙන්නේ ආපසු ඒ ණය ගෙවනවා නම් විතරයි.”

“ආසියානු සංවර්ධන බැංකුවෙන් අපිට යම් සහන ණයට ලබාගන්න තිබුණා. ඒ සියල්ල අප්‍රේල් මාසේ 12 වනදායින් පස්සේ ගිලිහි ගියා. මහ බැංකු අධිපතිගේ තින්දුවත් එක්ක අපේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් එක්ක ගැටගැහුවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...