ප්‍රමිතියෙන් තොර එන්නත් ගැන සාගලගෙන් ප්‍රශ්න කරන්න – CIDට පැමිණිල්ලක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW): අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර විසින්, ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගෙන් ප්‍රශ්න කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් යොමුකර ඇති බව වාර්තා වේ.

අදාළ පැමිණිල්ලට අනුව, ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර දැනට දින 100 කට අධික කාලයක් ගත වී ඇතත් මේ දක්වා වගකිවයුතු ප්‍රධාන රාජ්‍ය නිලධාරින් අත්අඩංගුවට ගැනීමට අසමත් වී ඇතැයි සඳහන් කර ඇත.

ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධියට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සම්බන්ධ බවට විවිධ දේශපාලන කණ්ඩායම් හා වෘත්තීය සමිති නායකයන් පසුගිය කාලයේදී හෙළිකර තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයේදී අවධානය යොමු කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලමින් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය මෙම පැමිණිල්ල යොමුකර තිබුණු බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...