ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීම අදින් (09) ඇරඹේ!

0
338

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW): අද (09) දින 2024 වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම ආරම්භ වන බව පැවසේ.

ඡන්දහිමි නාමලේඛනයට තමන්ගේ නම ඇතුළත් කර ගැනීමට මෙතෙක් නොහැකි වුවානම් ඒ සඳහා අද සිට මැයි මස 06 වැනිදා දක්වා අවස්ථාව හිමි වන බව, මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් එස් රත්නායක මහතා සඳහන් කළේය.

නම ඇතුළත් කර ගැනීම සඳහා ග්‍රාමසේවා නිළධාරිවරයා හෝ මැතිවරණ කාර්යාලය, නැත්නම් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ඡන්දහිමි නාම ලේඛනයට නම ඇතුළත් කර ගැනිමට හැකියාව ඇත.