“වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස ජන ක්‍රීඩා දෙකක නම් වෙනස් වූ හැටි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW): “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජයේ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම යන ජන ක්‍රීඩාවල නම් වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසයි.

“වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” යන නම් යොදන ලෙස අවුරුදු තරඟ සංවිධායකයින් දැනුවත් කර තිබෙන බවද ,රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...