කෙහෙළියගේ පෙත්සමක් ගැන තීරණයකට දින නියම වෙයි

Date:

ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් මිලදී ගැනීම තුළින් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වනතෙක් තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට නොතීසි නිකුත් කරන්නේද, නැද්ද යන තීරණය ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

ඒ අනුව, පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු විමසීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අද (09) නිවේදනය කළේ එය විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන්නේද, නැද්ද යන්න පිළිබඳ තීන්දුව අප්‍රේල් 30 වනදා ප්‍රකාශයට පත්කරන බවයි.

ඒ, එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...