*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

මට ඉංග්‍රීසිත් බෑ, ජාත්‍යන්තරයත් බෑ. මට පුළුවන්ද රට හදන්න ? – චාමර සම්පත් ගෙදර යයි (VIDEO)

තමන්ට ඉංග්‍රීසි භාෂාව හෝ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දැනුමක් නොමැති බැවින් තමන්ට රට හැදීමට නොහැකි බවත් ඒ අනුව රටේ පවතින දේශපාලන අර්බුදය විසඳෙන තුරු මාස තුනක් තමන් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

“ගරු කථානායකතුමනි, මම විනාඩි පහක ප්‍රකාශයක් කිරීමට ඉල්ලුවේ මේ දිනවල ඇතිවෙච්ච තත්වය මත මම මින් ඉදිරියට මේ ප්‍රශ්නය විසඳෙනකල් පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නටත් – පාර්ලිමේන්තුවට එනවා මම මාස තුනකින් ප්‍රශ්නය විසඳුණාම – එතකල් මම ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ කරන්නෙත් නෑ. මම මේ ප්‍රකාශය කරන්න හේතුවුණේ සමහර අය කියනවා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බාගන්නවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතාකරනවා කියලා. මෙතන ඉන්න 225 ම මේ දවස්වල කතා කරනවා. හැබැයි පාර්ලිමේන්තුවේ මට අගමැති වෙන්න වුවමනාවක් නෑ. මට ඕනෙ නම් පුළුවන් වෙයි ඌවෙ මහ ඇමතිකම කරන්න ආයෙ දුන්නොත්. ඒ නිසා මට කතාකරන්න අයිතියක් තියෙනවා. මම කියන්නෙ මෙතෙන්ට ආපු අය … මට ඉංග්‍රීසි භාෂාව බෑ, මට ජාත්‍යන්තරය බෑ, ඉතින් මට ගිහින් පුළුවන්ද මේ රට හදන්න ? මට රට හදන්න බෑ. රට හදන්නෙ මේ නායකයො. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක ආසනයක් අරන් මෙතෙන්ට ආවෙ, ආවා නම් රට හදන්න. එක ආසනයක් අරන් ඇයි පාර්ලිමේන්තුවට ආවෙ ? අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිකම දාලා ආයෙ පාර්ලිමේන්තුවට ආවෙ මොකටද ? ආයෙ පාර්ලිමේන්තු ආවා නම් ඔක්කොටම වගකීමක් තියෙනවා මේ රටේ මිනිස්සුන්ට වගකියන්න. හෙට දස ලක්ෂයක් කොළඹට එන්න යනවා. රටේ ජනතාව හැසිරෙන විදිය අපි තේරුම් ගන්න ඕනෙ. දැන් සිංහල අවුරුදු එනවා, රටේ තත්වය මොකක්ද කියන එක අපි කොයි කවුරුත් තේරුම් ගන්න ඕනෙ. පහුගිය කාලෙ දේවාලෙ වඳින්නා වාගේ කාල්ටන් නිවසට ආපු මිනිස්සු ඊයෙ පෙරේදා කාල්ටන් නිවස වටකළා. ඒකයි අද රටේ තත්වෙ. ඒක හැමෝම තේරුම් ගන්න ඕනෙ”

චාමර සම්පත් දසනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan