රට කෑවා දැන් ඇති. දැන් යන්න, කරන්න පුළුවන් කෙනෙකුට රට භාරදෙන්න – කාදිනල් හිමි

0
1058

රටේ පවතින දූෂිත පාලනය ඉවත් කිරීම සඳහා සියලුම දෙනා පාරට බැස ධෛර්යවන්තව කටයුතු කරන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

“මේ තත්වය දිගටම කරගෙන යන්න දෙන්න බෑ. අපි ඉල්ලා සිටිනවා මේ රටේ සෑම පුරවැසියෙකුගෙන්ම මේ ක්‍රමය වෙනස් කරන්න එකතු වෙන්න කියලා. ඔක්කොමත් එක්කම එකතුවෙලා මේ අයට කියන්න කරුණාකරලා දැන් යන්න, දැන් ඇති රට කෑවා … දැන් යන්න කියලා. ගිහිල්ලා මේක කරන්න පුළුවන් කෙනෙකුට රට භාරදෙන්න. තවදුරටත් මේ අරගලය ලංකාව පුරාම කරගෙන ගිහිල්ලා සියලුමදෙනා පාරට බැහැලා මේ දූෂිත ක්‍රමවේදය ඉවත් කරන්න කටයුතු කරන්න ධෛර්යවන්තව”

කාදිනල් හිමියන් මේ බව පැවසුවේ අද (09) උදෑසන මීගමුවේ පැවති උද්ඝෝෂණයකට එක්වෙමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here