උනුත් එකයි මුනුත් එකයි කියන අයත් එකයි විකල්පය සමගි ජන බලවේගය විතරයි – සජිත්

Date:

සමගි ජන බලවේගය යන්නේ උන්ගේ මාවතේ වත් මුන්ගෙ මාවතේවත් නොව අළුත් මාවතක යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාවතේ ප්‍රමුඛත්වය දෙන්නේ ජනතා සේවයට සහ රටේ සංවර්ධනයට යැයි පැවසූ විපක්ෂ නායකයා එය ක්‍රියාවෙන්ද ඔප්පු කරන බව පැවසීය.

උනුත් එකයි මුනුත් එකයි කියා කියන හැමෝම එකයි, නමුත් ඒ සියල්ලටම වඩා සමගි ජන බලවේගය වෙනස් යැයිද ඔහු සඳහන් කරයි.

රට කඩා වැටී ඇති තරම අමුතුවෙන් කිව යුතු නැති බවත් පැනඩෝල් පෙත්තක්වත් නැති තරමට රටේ ආර්ථිකය බංකොලොත් වී ඇති බවත් ප්‍රේමදාස මහතා පවසනවා. 2019 දීත් 2020 දීත් ගනුලැබූ වැරදි තීන්දුවල ප්‍රතිඵල අද සමස්ත රටටම භුක්ති විඳින්නට සිදුව ඇති බව පැවසූ විපක්ෂ නායකයා, තමන් රට ගොඩනගන ඒ අභියෝගය බාරගන්නට ඉල්ලා සිටින්නේ කළ හැකි නිසා බවද පැවසීය. ජනතාව එපා කියන්නේ නම් එක මොහොතක් හෝ රැඳී සිටින්නට බලාපොරොත්තු නොවන බවත් රට ගොඩනැගිය නොහැකි නම් කළ යුත්තේ වහාම ඉවත්ව යාම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ සමගි ජන බලවේගයෙන් හුස්මක් වැඩසටහනට එක්වෙමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 47 වන පියවර ලෙස රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (2,457,000) වටිනා Dialysis Machine with Portable RO System යන්ත්‍රයක් දෙහිඅත්තකණ්ඩිය රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 46 ක් තුල ලක්ෂ 1244 ක (124,406,500) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...