*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

නව ඩයිනෝසර් කැණීමක්

විද්‍යාඥයන් පිරිසක් විසින් එක්සත් ජනපදයේ උතුරු ඩැකෝටා ප්‍රාන්තයේ ටානිස් ෆොසිල ප්‍රදේශයෙන් සංරක්ෂිතව පැවති ඩයිනෝසෝරයෙකුගේ පාදයක් සොයාගෙන තිබේ.

සම කොටසත් සමගින් සම්පූර්ණ වූ පාදය, ඩයිනෝසර් කැනීම් සම්බන්ධව සිදු වූ මෙම හදුනාගැනීම විශිෂ්ට සොයාගැනීම් මාලාවකින් එකකි. ටෙරෝසෝර් වර්ගයට අයත් මෙම ජීවින් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටුණු පසුව මිය ගොස් ඇති බවට තහවුරු කළ හැකිය.

මීට වසර මිලියන 66 කට පෙර ඩයිනෝසෝරයන්ගේ පාලන සමය අවසන් වී ක්ෂීරපායීන්ගේ නැගීම ආරම්භ විය. කැණීම් ප්‍රධානී ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ විසින්අප්‍රේල් 15 වන දිනෙන් පසු මෙය මහජන ප්‍රදර්ශනයට ලක් කරයි.

දළ වශයෙන් කිලෝමීටර් 180ක් පමණ පළල අභ්‍යවකාශ පාෂාණයක් අපගේ ග්‍රහලෝකයේ ගැටී අවසන් වරට සිදු වූ වඳවීයාමට හේතු වූ බව දැන් බොහෝ දෙනා පිළිගෙන ඇතිමතයකි.

මෙවැනි විද්‍යාත්මක නව සොයාගැනීම් සාමාන්‍යයෙන් විද්‍යාත්මක සඟරාවක පලමුවරට පල කෙරේ. ටානිස් හි පොසිල ක්‍රියාකාරිත්වය හා පැවැත්ම, ඒ සඳහා වූ විද්‍යාත්මක මතවාද ප්‍රථම වරට 2019 දී නිව් යෝර්කර් සඟරාවේ පළ විය.

මෙය එම අවස්ථාවේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ටානිස් යනු එක්සත් ජනපදයේ නිරිතදිග උතුරු ඩැකෝටා හි පාෂාණ විද්‍යාඥයින් ඉහල උනන්දුවක් දක්වන ස්ථානයකට ලබා දී ඇති නමයි.

එය උතුරු ඇමරිකාවේ ප්‍රාන්ත හතරක් පුරා විහිදුනු පාෂාණ සමූහයක් ඉහළ ක්‍රිටේසියස් සහ පහළ පැලියෝසීන යුගයේ වැදගත් පොසිල සොයාගැනීම් සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශයකි.

ලුයිස් සහ වෝල්ටර් අල්වාරෙස් යන පාශාන විද්‍යාඥයින් විසින් නිගමනය කරන ලද පරිදි, පුරාණ ඩයිනෝසරයන් වඳ වී යාම සිදු වූයේ මෙක්සිකෝ බොක්කෙහි නොගැඹුරු මුහුදේ පෘථිවියට බලපෑ විශාල ග්‍රහකයක් හෝ බොලයිඩයක් නිසා බව දැන් බොහෝ දෙනා පිළිගෙන ඇත.

මෙම ඝට්ටනය පෘථිවි පෘෂ්ඨය හරහා ඉරි තැලී ගොස් විශාල භූමිකම්පා, යෝධ රළ සහ ආවාටයක් නිර්මාණය කළේය.

මෙම ඝට්ටනයෙන් මතු වූ සුන්බුන් සහ දේශගුණය වෙනස් කරන සල්ෆේට් ටොන් ට්‍රිලියන ගනනක් ඉහලට පුපුරවා ගිය අතර එය ලොව පුරා ගිනි සහ කුණාටු ඇති කර ඇත.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan