ගිනස් වාර්තාලාභිණියගේ සහයත් අරගලයට

Date:

ශ්‍රි ලංකාවේ ගිනස් වාර්තා ගැන බොහෝ මාධ්‍යවල වාර්තා වුව ද,ඒ අතරින් ගිනස් සම්මේලනයේ ප්‍රමිතියට අනුව පිහිටවූ වාර්තා ඇත්තේ අතේ ඇඟිළි ප්‍රමාණයටය.අනෙක් බොහෝ වාර්තාවලදි සිඳුවන්නේ ලංකාවේ ගිනස් නියෝජිතයන් සේ පෙනී සිටින බොරුකාරයන්ගේ ගිණුම් තර කිරීම හෝ නැතිනම් තමන්ගේ ජනප්‍රියත්වය පාවිච්චි කරමින් අනුග්‍රාහකයන් අන්දමින් දෙපාර්ශවය එකතු වි හම්බ කිරිමද මේ සංස්කෘතියේ ලක්ෂණයකි.

නමුත් ඒ මාෆියාවේ හවුල්කාරියක නොවි රූපලාවන්‍ය ශිල්පිනියක ලෙස මංගල අවස්ථාවකට දෙවන මාලියන් 126 දෙනෙක් එකතු කරමින් නීත්‍යානුකූල අන්දමට ගිනස් වාර්තාවක් පිහිට වූ චම්පි සිරිවර්ධන ද ජන අරගලයට සහය දෙමින් ඇයගේ ඕස්ට්‍රේලියානු මිතුරන් වන ආසිරි සහ අනූ දෙපළගේ ආධාර මත ඊයේ රාත්‍රිය පුරා උද්ඝෝෂණකරුවන්ට බිස්කට් සොයන්නට ඇවිඳ ගිය බව ඇයගේ මුහුණු පොතේ සටහන් කර ඇත.

ඉන්ධන අර්බූදය නිසා මේ මොහොතේ වාහනයක් සමඟපාරට ඒම අසීරු තත්ත්වයකි.එසේම එක තැනකින් අවශ්‍යය බඩු ප්‍රමානය ලබා ගැනීමට නොහැකි සේ විශාල බඩු හිඟයක් ද වෙළද පොළේ පවතියි.එවැනි තත්ත්වයක මේ ගිනස් වාර්තාලාභීණිය රාත්‍රිය පුරා ඇවිදිමින් මේ බිස්කට් සොයා ගනිමින් ජන අරගලයට සහය දක්වන්න ගත් වෙහෙස අගය කළ යුතු එකකි.ඉහළින් ඇය ගිනස් වාර්තාව තැබූ මොහොතේ ගත් ඡායාරූපයකි.පහතින් දැක්වෙන්නේ ඊයේ රාත්‍රියේ ඇය බිසිකට් එකතු කරමින් සිටි අවස්ථාවකි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...