ගයන්තිකාගෙන් සහ නිලානිගෙන් නව ශ්‍රී ලංකා වාර්තා

Date:

නිලානි රත්නායක මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේදිත්,ගයන්තිකා අබේරත්න මිටර් 800 ඉසව්වේදීත් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් බිහි කරන්නට සමත් විය.දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදි පැවත්වෙන සියවැනි ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේදී ඔවුන් දෙදෙනා මේ දස්කම සිඳු කරන්නට සමත් විය.

මීටර් 3000 බාධක දිවිමේ කාන්තා ඉසව්වේ දි තමාගේම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින් විනාඩි 09:40.24 ක කාලයක් වාර්තා කරමින්ය.ඇය මිට පෙර තබා තිබූ වාර්තාව විනාඩි 09;46.72 කි.ඔලිම්පික් තරගාවලිය නියෝජනයට ආසන්න මට්ටමේ දක්ෂතා සහිතව සිටි නිලානි,එහි අවසාන තේරිම් තරගය පැවත් වූ අවස්ථාවේදී දැඩි අසාධාරණයකට ලක් වූ අතර ඇය විසින් තරණය කළ යුතු බාධක නියමිත උසට වඩා උසකින් තබා තිබීම නිසා අවශ්‍යය පරිසාධණ මට්ටමට පිවිසීමට නොහැකි වූවා මෙන්ම පාදයේ ආබාධයකට ද ගොදුරු වූවාය.

එහිදී සිඳු වූ අකරතැබ්බය ගැන නොසළකා හරින ලද ජාතික ක්‍රීඩා සභාව සිදු කළේ නිලානිව මසකට ලක්ෂයක් පිරි නැමූ සංචිතයෙන් ඉවත් කිරීමය.එයට ජාතික ක්‍රීඩා සභාව නියෝජනය කරන්නට මලල ක්‍රීඩාව සමබන්ධයෙන් නියෝජනයක් නොතිබීම ද බෙහෙවින්ම බල පෑ අතර මලල ක්‍රිඩා සංගමයේ ඉල්ලිම හෝ ගණනකට නොගෙන හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ජාතික ක්‍රීඩා සභාවේ තීරණයටඅනුව කටයුතු කළේය.

ගයන්තිකා අබේරත්න අද මීටර් 800 වාර්තාව පිහිටුවිමත් සමඟ ඇය සතු ශ්‍රී ලංකා වාර්තා ප්‍රමාණය තුන දක්වා ඉහළ ගියාය.ඇය දැනට මීටර් 5000,1500 සහ මීටර් 800 යන ඉසව් ත්‍රිත්වයේම වාර්තාලාභිණිය ය.මීටර් 800 ඉසව්වේ මීට පෙර ඇය සතුව තිබූ වාර්තාව ඩිල්සි කුමාරසිංහ විසින් විනාඩි 2;02.52 හිමි කර ගත්තාය.අද ගයන්තිකා නැවත ඩිල්සිගේ වාර්තාව අභිබවමින් විනාඩි 02;01.44 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වූවාය.

කාන්තා මිටර් 800 ඉසව්ව තියුණු මුහුණුවරක් ගත්තත් ගයන්තිකා පහසුවෙන් ජයග්‍රහණය තහවුරු කර ගත් අතර හිටපු මීටර් 800 ඉසව්වේ ජාතික වාර්තාලාභිණියක වූ නිමාලි ලියනාරච්චි දෙවන ස්ථානය ලැබුවාය.තෙවන ස්ථානය ලැබූ තරුෂි කරුණාරත්න වාර්තා කරන ලද විනාඩි 02;04.40 කාලය සටහන් වූයේ නව ශ්‍රී ලංකා කණිෂ්ඨ වාර්තාවක් ලෙස ය.ඇය ලෝක යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේදි මීටර් 400 සහ 800 යන ඉසව් ද්විත්වයම වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නීය.

ගයන්තිකා සහ නිලානි දෙදෙනාම පුහුණුව ලබන්නේ සජිත් ජයලාල් යටතේය.

RM

නිලානි රත්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...