අත්අඩංගුවට ගත් කතරගම හිටපු සභාපතිට ඇප. විදෙස් ගමන් තහනම්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කතරගම ප්‍රදේශයේ ඉඩමක ඉදිකිරීමක් සඳහා කූඨ ලේඛන සකස් කර අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

ඒ අනුව ඔහුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරයා අද (අප්‍රේල් 09) නියෝග කර ඇත්තේ.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරිදා දිනයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද සැකකරුට නියෝග කෙරුණු අතර ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවන ලදී.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත් බව කියවෙන කතරගම ප්‍රදේශයේ නිවසක් සම්බන්ධ විමර්ශනයකට අදාළව ඉහත කී හිටපු සභාපතිවරයාව අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...

ශ්‍රී ලාංකිකයින්ට නැවතත් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා අවස්ථා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW ! ශ්‍රී ලාංකිකයින්ට නැවතත්...