අත්අඩංගුවට ගත් කතරගම හිටපු සභාපතිට ඇප. විදෙස් ගමන් තහනම්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කතරගම ප්‍රදේශයේ ඉඩමක ඉදිකිරීමක් සඳහා කූඨ ලේඛන සකස් කර අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

ඒ අනුව ඔහුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරයා අද (අප්‍රේල් 09) නියෝග කර ඇත්තේ.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරිදා දිනයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද සැකකරුට නියෝග කෙරුණු අතර ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවන ලදී.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත් බව කියවෙන කතරගම ප්‍රදේශයේ නිවසක් සම්බන්ධ විමර්ශනයකට අදාළව ඉහත කී හිටපු සභාපතිවරයාව අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...