හිටපු ඇමති පිල්ලෙයාන් PTA යටතේ රඳවාගෙන ප්‍රශ්න කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අත් අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පිල්ලෙයාන්ව අත් අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (අප්‍රේල් 08) රාත්‍රියේ මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී ය.

ඒ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

එම මහාචාර්යවරයා පැහැරගෙන ගොස් තිබුණේ 2006 දෙසැම්බර් 15 වනදා කොළඹ 07 විද්‍යා මන්දිරයේ පැවති උත්සවයකට සහභාගී වී සිටියදී ය.

ඒ අනුව පිල්ලෙයාන්ව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනෙන්නේ වසර 18 කට පසුව වීම ද විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...