දෙකෙන් එකක් තෝරාගන්න – ඉරානයෙන් යළි අනතුරු ඇඟවීම්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන දැඩි ප්‍රහාර, ඉරානය සහ එක්සත් ජනපදය අතර ඇති කරගත් සටන් විරාමයට බලපෑම් කරමින් තිබේ.

මෙහිදී ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරගචි පවසන්නේ, ඇමරිකාව, තමන් සමඟ ඇති කරගත් සටන් විරාම ගිවිසුම හෝ ඊශ්‍රායලය භාවිතා කරමින් යුද්ධය අඛණ්ඩය පවත්වාගෙන යාම යන දෙකෙන් එකක් තෝරා ගත යුතු බවයි.

ඊශ්‍රායල විසින් ලෙබනනයට සිදුකරන පහර දීම හේතුවෙන් මේ තත්ත්වය හේතුවෙන් හෝමූස් හරහා සිදුවන සමුද්‍රීය ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙන අතර ඉරානය පවසන්නේ ලෙබනනයට පහර දීම නිසා ඔවුන් ඊශ්‍රායලයට පහර දෙන බවයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඊයේ දිනයේ දී පමණක් ලෙබනන් වැසියන් 254 දෙනෙකු මියගොස් තිබේ.

තවත් 1,165 කට වැඩි පිරිසක් තුවාල ලැබා ඇති අතර ඊශ්‍රායල ප්‍රහාර රැල්ලෙන් පසු ලෙබනනය ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.ලෙබනන් අගමැති නවාෆ් සලාම් පැවසුවේ “ඊශ්‍රායල ඝාතන යන්ත්‍රය නැවැත්වීම සඳහා ලෙබනනයේ සියලුම දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික සම්පත්” බලමුලු ගන්වන බවයි.

සටන් විරාමය තුළ ලෙබනනයට සිදු කරන පහර දීම් අත්හිටුවීමේ කොන්දේසියද ඇතුළත් කර තිබෙන බව ඉරානයත් සාමසාකච්ඡා සදහා මැදිහත්කරුවකු වී සිටින පාකිස්ථානයත් පවසයි.

කෙසේවෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ලෙබනනය සටන් විරාමයට ඇතුළත් නැති බවයි.

ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ලද ප්‍රහාර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් හෙළා දකිමින් ප්‍රකාශයක් ද නිකුත් කර තිබේ.

සිවිල් ජීවිත අහිමි වීම තමන් දැඩි ලෙස හෙළා දකින අතර සිවිල් වැසියන්ට සිදුවන ප්‍රහාර හමුවේ මරණ සංඛ්‍යාව ඉහළ යාම ගැන දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බවයි ඔහු පවසා ඇත්තේ.