Home පුවත් ක්‍රී​ඩා ඔලිම්පික් නිලවරණය එතික්ස් සහ ජෝක් අතර ගැටුමක්

ඔලිම්පික් නිලවරණය එතික්ස් සහ ජෝක් අතර ගැටුමක්

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 09, කොළඹ LNW:

ඔලිම්පික් නිලවරණයේ දී පවතින ඔලිම්පික් පරිපාලනය විසින් පත් කර ගන්නා ලද ආචාර ධාර්මික කමිටුව මගින් පවතින පාලනය සමඟ එකඟ නොවන අයව ප්‍රශ්න මතු කර ඔවුන් නිලවරණයට ඉදිරිපත් වීම වැළක්වීමට ක්‍රියා කරගෙන යන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනු ලැබුවේය.හිටපු ක්‍රීඩා ඇමතිවරයෙකුද වන දයාසිරි තව දුරටත් පෙන්වා දුන්නේ 2025 වසරට ගිණුම් ඉදිරිපත් නොකර මේ නිලවරණය පැවත්වීමේ ව්‍යවස්ථා විරෝධීභාවයය.එසේම ගිණුම් විගනනය වී නැති බව ද ඔහු පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යවරයා ඉලක්ක කර ගනිමින් කරුණු පෙන්වා දුන්නේය.

දයාසිරි එතික්ස් නැතිනම් ආචාර ධාර්මික කමිටුවේ අවංකභාවය ගැන විශ්වාසය ගැන ප්‍රශ්න මතු කරද්දි තවත් අතකින් අසන්නට ලැබෙන්නේ ආගමන විගමන නීතිය උල්ලංඝණය කිරිම මෙන්ම කූට ලේඛන සකස් කිරීම (Forgery) ආදිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු පිරිස් සඳහා මෙම නිලවරණයට ඉදිරිපත්විම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවෙන් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ මට්ටමෙන්ම ආශිර්වාද ලැබෙමින් තිබෙන බවය.
ආගමන විගමන නීතිය උල්ලංඝණය කිරිම මෙන්ම කූට ලේඛන සකස් කිරීම (Forgery) යන කරුණු දෙක සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීමට හැකියාව ඇත්තේ එම චෝදනාව එල්ල කරන ක්‍රීඩාව සඳහා විදේශිකයන් නිසි ආකාරයට පුරවැසි සුදුසුකම් සපුරන්නේ නැතුව ක්‍රීඩා කළ බව ඔප්පුවීමෙන් ශ්‍රී ලංකාවට පවුම් 50000 ක දඩ මුදලක් ගෙවිමට සිඳුවීම නිසාය.2014 සිට මේ දක්වාම පැවති සහ පවතින ආණ්ඩුවලට හිතවත්කමින් සහ තමන්ගේ හිතවතුන්ගේ මාර්ගයෙන් සම්බන්ධවෙමින් එම වැරදි සඳහා කෙරෙන පරීක්ෂණ පමා කරමින් සහ කඩාකප්පල් කරමින් සිටින එම පුද්ගලයින්,ඒ මිත්‍ර ආශිර්වාදයෙන් අතීතරය උලා සෝදා දැන් ඔලිම්පික් සභාපතිකමට ඒමට උත්සාහ කිරීම සිඳු කරමින් ඇත.

තැනෙකින් එතික්ස් කමිටුව පවතින පරිපාලනයට අනුව එයට විරුද්ධ පුද්ගලයන් දඩයම් කිරීම සඳහා ඔවුන්ට අපේක්ෂකත්වය ලබා ගැනීමට බාධා ඇති කරමින් සිටින බව කියැවෙන අතර,ලංකාවේ ආගමන විගමන පණත යටතේ මෙන්ම අපරාධ පණත යටතේ ද නඩු පැවරීමට කරුණු ඇති පුද්ගලයන්ගේ එම වැරදි නොසළකා ඔලිම්පික් කමිටුවට ගෙන ඒමට උත්සාහ කරන බවට ද චෝදනා නැඟෙන්නේය.මහින්ද රාජපක්ෂලාගේ කඳවුරේ ක්‍රීඩා වංචා ගැන කතා කළ ආණ්ඩුවක් පත් වූ විගස මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනම හරහා සිඳු වී ඇති අක්‍රමිකතා සොායන බවට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාම මාධ්‍ය වෙත ලබා දුන් එම පදනමේ ප්‍රබලයෙකුට මේ ආකාරයට කළ වැරදි සම්බන්ධයෙන් වසර 12 ට පසුවවත් කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගෙන ඔහුට ඔලිම්පික් මහ පුටුවට ඒමට පාර සකසන්නේනම් එය වැටෙන්නේ ජෝක් වර්ගයටය.එතික්ස් ජෝක් වී ජෝක් එතික්ස් වී පත්වෙන අලුත් ඔලිම්පික් සභාපති කවුරු වෙනු ඇද්ද යන්න සිතීමට වඩා යම් තෝරා ගැනීම් ටිකකට නිලවරණය විවෘත කිරීමේ උත්සාහයක් පවති