තරගතාරී වටයට පැමිණ විරෙන් නවතියි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 09, කොළඹ LNW:

BANK OF NINGBO Badminton Asia Championships 2026 තරගාවලියට පුහුණුකරුවෙකුගේ ද සේවය නැතිව පිවිසි ශ්‍රී ලංකා බැඩිමිවන් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් තරගකාරී වටයට සුදුසුකම් ලද එකම ක්‍රීඩකයා වූ විරේන් නෙත්තසිංහ එහිදී චීන ක්‍රීඩක ලූ ගුවාන්ග් ෂු අතින් 2-0 ක් ලෙස පරාජයට පත් විය.


ලෝකයෙ ඉහළම බැඩිමින්ටන් සංස්කෘතිය ඇති චීන ක්‍රීඩකයා මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 18 වන ස්ථානයේ පසුවන ප්‍රබල ක්‍රීඩකයෙකි.10 වන ස්ථානය ඔහු ලබා ඇති ප්‍රබලම ශ්‍රේණිගත කිරීම වන අතර එවන් ක්‍රිඩකයෙකු අභිබවා යාමට විරේන්ව හුරු පුරුදු ඔහුගේ පියාවත් මේ තරගාවලියේ සිට නැති බව ආරංචි වේ.


ගුවාන්ග් ෂූ මේ වන විට 29 වන වියේ පසුවන ලෝකයේ ප්‍රබලතම ක්‍රීඩකයෙකු වන අතර ඔහුගේ හැකියාව සහ අත්දැකීම් සියල්ල සමඟ විරෙන්ගේ සටන විනාඩි 48 ක් පුරා පවත්වාගෙන යන්නට සමත් විය.එහි පළමු වටය චීන ක්‍රීඩකයා ජය ගත්තේ ලකුණු 22 – 20 ක් ලෙස තියුණු සටනකින් පසුවය.දෙවන වටයේදී ද ලකුණු සටහන දැක් වුණේ 21 -16 ක් ලෙසය.


මේ තරගයේ පසුබිම සහ සටන්කාමීත්වය දකින විට විරෙන්ට ඉතාම නිශ්චිත සහ සියුම් කරුණුවලින් තරග වඳින මොහොතේ පෝෂණය කළ හැකි පළපුරුදු පුහුණුකරුවෙකු සිටියේනම් තරගය විරේන්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩාවට ද වැදගත් වන්නට තිබිණ.
රනිත්මා ලියනගේ ද සුදුසුකම් ලැබීමේ වටයේ දී නිරන්තරයෙන් ජාත්‍යන්තර පිටියේ ජය පරාජය හුවමාරු වෙන ක්‍රීඩිකාවක වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රාක්රිටී භාරති සමඟ පැයකුත් විනාඩි 02 ක කාලයක තියුණු තරගයක නියැලී 2-1 ක් ලෙස පරාජය වූ මොහොතේ පුහුණුකරුවෙකු සිටියානම් ජය පරාජය වෙනත් ආකාරයකට විසඳෙන්නට තිබිණ.එහෙත් ඇය මියන්මාර ක්‍රීඩිකාව පරාජය කළත් සුදුසුකම් ලබා ගැනීමේ වටයෙන් තරගකාරී වටයට පිවිසෙන්නට අසමත් වූවාය.


ජාතික බැඩිමින්ටන් පරිපාලනයට එහි වියදමෙන් තොරව හිටපු සභාපතිවරයාගේ අනුග්‍රහයෙන් ලැබුණු ඉන්දුනීසියා පුහුණුකරු එම සංචාරයට රැඟෙන යාමටවත් හැකියාවක් සහ උනන්දුවක නොවිණ.ජාත්‍යන්තර පිටියේ මෙන්ම ආසියාවේ දැවන්තයන් අතර එක දශමයක් ඉදිරියට යන්නට ලැබෙන අවස්ථාව වුව ශ්‍රී ලංකාව වැනි රටකට අතිශයින් වැදගත්ය.