පාසල් ගුරුවරියක් කළ අපූරු ජාවාරම!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW): මත් කුඩු ජාවාරම් කළ වේයන්ගොඩ පාසල් ගුරුවරියක සහ ඇයගේ මව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශනවලින් හෙලිවී තිබෙන්නේ, ගුරුවරිය තවත් කිහිප දෙනෙකු යොදවා හෙරොයින් පැකට් සඟවා තබා ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලැබුණු පසු ගැණුම්කරුවන්ට එම ස්ථාන දැනුම් දෙන බවයි,

වේයන්ගොඩ පොලීසිය කළ වැටලීමේ දී ගුරුවරිය සහ ඇගේ මව නිට්ටඹුව මල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනු අතර ගුරිවරිය ළග තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2,300ක් සහ මව ළග තිබී හෙරොයින් මිලිග්‍රෑම් 4,500ක් සොයා ගෙන ඇත.

ගුරුවරිය විසින් තවත් කිහිප දෙනෙකු යොදවා නිට්ටඹුව තිහාරිය / මල්වත්ත / කොරසේ ඇතුළු ප්‍ර දේශවල ඉතා සූක්ෂම ලෙස හෙරොයින් පැකට් සඟවා ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලැබුණු පසු සැගවූ ස්ථාන පිළිබද ගැණුම්කරුවන්ට දැනුම් දෙන බවට හෙළිවී ඇත.

හෙරොයින් සැගවූ ස්ථාන පිළිබද සටහන් තැබූ පොතක් සහ ජාවාරම සදහා යොදාගත් යතුරුපැදියක් ද පොලීසිය සොයා ගත් බව සඳහන් වේ.

මෙම ගුරුවරියගේ පියා ද හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

පාසල් ගුරුවරිය සහ මව ද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...