විශ්වාසභංගයෙන් පරාජය වූ ඉම්රාන් ඛාන් පකිස්තාන අගමැති ධූරයෙන් ඉවතට

Date:

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව පැවති විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමග බලයෙන් පහකර තිබේ.

ආසන 342 කින් සමන්විත පකිස්ථාන පාර්ලිමේන්තුවේ බහුතරය අභිබවා යමින් ඡන්ද 174 ක් ලබාගැනීමට විපක්ෂ කණ්ඩායම් සමත්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීම සඳහා පකිස්ථාන පාර්ලිමේන්තුව හෙට දිනයේදී යළි රැස්වීමට නියමිතය.

රට තුළ ආර්ථික අර්බුද ඇතුලු කරුණු රැසකට ඉම්රාන් ඛාන් වග කිව යුතු බව දක්වමිනුයි පකිස්ථාන විපක්ෂය විසින් මෙම විශ්වාස භංග යෝජනාව ගෙන එනු ලැබීය. පසුගිය ඉරිදා දිනයේදී මෙම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත වුවද පකිස්ථාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් එය ඉවත දැමුණු අතර අනතුරුව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් කල ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට ජනාධිපතිවරයාද කටයුතු කර තිබු​ණි.

කෙසේවෙතත් විපක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම තීරණය අභියෝගයට ලක් කරන්නට වූ අතර එහි තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේ විශ්වාසභංගය අත්හිටුවීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැණි බවටයි. ඒ අනුව නැවතත් පාර්ලිමේන්තුව රැස්වී අදාළ යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම පවත්වන ලෙස අධිකරණය දන්වා තිබුණි.

හෙට දිනයේදී තෝරා ගන්නා නව අගමැතිවරයාට ලබන වසරේ ඔක්තෝබර් මාසය දක්වා බලයේ රැඳී සිටිය හැකියි. අනතුරුව මහ මැතිවරණයෙන් නව රජයක් පත්විමට නියමිතයි.

මෙසේ විශ්වාසභංගය යෝජනාවකින් බලයෙන් පහ කරන ලද පළමු පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා බවට ඉම්රාන් ඛාන් පත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ පෞද්ගලික ලේකම්ගෙන් CIDය පැය හයක් ප්‍රශ්න කරයි. හිටපු ජනාධිපති ලේකම්ටත් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික...

මාස හයේ සංචාරක ආදායම : ඇමති විජිතට අනුව ඩොලර් බිලියන 3.7 යි. නියෝජ්‍ය ඇමති රුවන්ට අනුව 1.7 යි

පසුගිය මාස හයක කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරක ඉපයීම්...

Celebrity Buzz: සිඩ්නි ස්වීනි ගේ රිපබ්ලිකන්භාවය ට්‍රම්ප්ගේ හඳ උණු කරවයි; American Eagle දැන්වීමටත් ප්‍රශංසා!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

ඒ්ස් කැපිටල්, බදුරලිය හිරුණිකාගේ දඟ සුළඟට හසුව පරාජයට…

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: හිරුණිකා නිවර්ථනීගේ අති දක්ෂ පන්දු...