113 ත් ෂුවර් නෑ – ස්වාධීන මන්ත්‍රීවරුන් සමග ජනපති යළිත් සාකච්ඡා

Date:

මේ වනවිට ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන පක්ෂ 11 කණ්ඩායම සහ පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමග තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සාකච්ඡාවක් සඳහා පැමිණෙන්නැයි අදාල කණ්ඩායම් දෙකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරාධනා කර තිබේ.

අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

මෙම ස්වාධීන කණ්ඩායම් දෙක විසින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අදාල යෝජනා 11 ක් ඇතුළත් යෝජනා මාලාවක් මීට පෙර ජනාධිපතිවරයා වෙත යොමුකර තිබූ අතර අද පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම යෝජනා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමි කරගෙන සිටි වත්මන් ආණ්ඩුවට එම තුනෙන් දෙකේ බලය අහිමි වී ඇති අතර එපමණක් නොව පාර්ලිමේන්තුවේ සරල බහුතරයද අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. මේ වනවිට ආණ්ඩු පාර්ශ්වය සතු මන්ත්‍රී ආසන ප්‍රමාණය 120 කටත් වඩා අඩු මට්ටමක පවතී.

මේ අතර ආණ්ඩුවට විස්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක්ද පවතින බැවින් ස්වාධීනව සිටින කණ්ඩායම්වල සහයෝගය ආණ්ඩුවට අතිශය වැදගත් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...